මන්ත‍්‍රීනියගේ අනියම් සැමියා සැමියාට පහර දී ඝාතනය කරයි..


 පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ (ඩී.ටී.එන්.ඒ.) මන්ත්‍රීවරියකගේ සැමියා වන්තියාන් කෝවිල අසලදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මරදන්කේණී පොලිසිය විසින් අත්අඩංගුවට ‌ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කාලේ අඩි, විත්තියන් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි. 

මියගිය පුද්ගලයා සමථ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් පරීක්ෂණවලට අනුව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ පදිංචි 28 හැවිරිදි ධීවරයෙකි. 

අත්අඩංගුවට ගත් සැකකරු සහ මියගිය සමථ මණ්ඩල සාමාජිකයාගේ බිරිඳ (ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය) අතර පැවති අනියම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සබඳතාව පිළිබඳව දැනගත් මන්ත්‍රීවරියගේ සැමියා ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් තිබේ. 

එම අවස්ථාවේදී සැකකරු විසින් පහන් කණුවකින් පහර දී, පසුව පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Previous Post Next Post