හිටපු නි. කතානායක බොරු කියා කුණාටු ආධාර අරන්...

 


පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් තම ව්‍යාපාරික ස්ථානයට හානි සිදු වූ බව පවසමින් හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන වන්දි මුදල්, කිසිදු හානියක් සිදු නොවූ ව්‍යාපාරික ස්ථාන හිමියන් පිරිසක් වෙත ද අක්‍රමවත් ලෙස ගෙවා ඇති බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

"මම කුඩා පරිමාණ ව්‍යවසායකයින් කිහිප දෙනෙකුට වන්දි චෙක්පත් පිරිනැමුවා. ඒ අතර හිටපු නියෝජ්‍ය කථානායකවරයාත් හිටියා. නමුත් පසුව නිලධාරීන් මට දැනුම් දුන්නා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට කිසිදු ආපදා හානියක් සිදුව නැති බව. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි."

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යවසාය සංවර්ධන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, හිටපු නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට තමන් වන්දි ගෙවූ බවයි. කෙසේ වෙතත්, අදාළ ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා නොකළ බවත්, කොලොන්න ප්‍රාදේශීය කාර්යාලයෙන් ඉදිරිපත් කළ වාර්තාව මත පදනම්ව මෙම ගෙවීම් සිදු කළ බවත් ඔහු පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වී නෑ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.එස්. නිශාන්ත මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා ව්‍යාපාරිකයන් 76 දෙනෙකුට මෙම වන්දි මුදල් ලබා දී ඇති අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙන නොමැති බවයි. අදාළ අධ්‍යක්ෂවරයා නිසි ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු ගෙවීම් නිර්දේශ කළේ නම් මෙම අක්‍රමිකතාව වළක්වා ගැනීමට තිබූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කරන බවයි.

7 Comments

  1. ඕවා වැඩක් නෑ. එන්න පිංපොං එක්ක 2029 රට හදන්න.

    නාමල් කුමරු ජාතික ලැයිස්තුවෙන් මෙවරත් පාර්ලිමේන්තුවේ අතු ගාන්න එවන්න.

    අයිස් සැදීම, කලු සල්ලි සුදු කිරිමේ අති විශිෂ්ට පලපුරුද්ද.

    අතින් සල්ලි ගෙවා පිටරට දේශන පැවැත්වීමේ හැකියාව.

    සුදු වෑන්, සුදු කොඩි, වඳ කොත්තු, වඳ බෙසියර් පුරෝගාමියෝ...

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්යJanuary 30, 2026 at 10:31 PM

      පරණ බොරු වලින් මිනිස්සු අන්දන්න දැන් ටිකක් අමාරුයි. අලුත් බොරු ටිකක් අරන් එමු. කන්ටේනර් 323යි, ගල් අඟුරු කෝටි 1000 වංචාවයි වහගන්න ඕව මදි වෙනවා.

      Delete
    2. අයිස් කන්ද පැලවත්තට කඩාගෙන වැ‍ටුනා මතක නැතෙයි? අර මාලිමාවේ ප්‍රින්සිපල් කෙනෙක් පුත්‍ර රත්නයත් එක්ක අයිස් බෙදුවා. මන්ත්‍රී කෙනෙක් ගංජා වවලා පොලීසියෙන් ඇල්ලුවා කියලා පොලිස් කාරයගේ වැඩ තහනම් කරා, මාලිමාවට කඩේ ගියපු පාතාලයෙක් අයිස් කිලෝ 800ක් බෝට්‍ටුවෙන් බාලා තියෙද්දි ඒකෙන්ම අයිස් ගහලා මැරිලා ගිය නිසා අහු වුනා. ඊට පස්සේ තාමත් රට පුරා අයිස් කුඩු බෙදන කන්ජිපානි ඉම්රාන් තාම ඒව ලස්සනට කරගෙන විරුද්ධවාදීන් මරාගෙන ඔය ලස්සනට ජීවත් වෙන්නෙ.

      Delete
    3. දැන් ඉතුරු වෙලා ඉන්න මාලිමා පාතාල නායකයන් අල්ලන්නේ කවදාද? කන්ජිපානි ඉම්රාන් හෙවත් කැඳයා, කලු සාගර, උනාකූරුවේ ශාන්ත. මාකඳුරේ මදූශ් කියන්නෙත් ඔය කල්ලියේම එකෙක්. ඒකයි මාලිමාවේ උන් උගේ මලගෙදර ගියේ. ජවිපේ පක්ශ අරමුදල සම්පාදනය කරන්නේ ඔය පාතාලෙන් තමයි. ඇතිනේ උඹ අහගත්තා හොඳම එකෙන්.

      Delete
  2. පචයට රැවටුන සට්ටැඹි ඩෝබියන්ට තවම හොඳින් ගෙවීම් කරනවද?

    ReplyDelete
    Replies
    1. නාමල් කුමරු තරං අයිස් වලින් ගෙවන කෙනෙක් නැති බව මේ විද්වත් කොමෙන්ට් එකෙන් මනාව පැහැදිලි වේ.

      Delete
    2. උණාකූරුවේ ශාන්ත සහ උණාකූරුවේ තුසිත දෙන්නගේ අයිස් ටිකට මොකද උනේ? මාලිමාවේ ගෝලයො ටික බෙදා ගත්තද?

      Delete
Previous Post Next Post