බාල ගල් අගුරු නිසා නොරොච්චෝල අධික පීඩනයකින්.. ඉංජිනේරුවන් භීතියෙන්..


නොරොච්චෝල ගල් අගුරු බලාගාරය පිරික්සුම් චාරිකාවකින් අනතුරුව හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කරුණු රැසක් අනාවරණය කළේය.

මෙරට ඉතිහාසයේ කවදාවත් මෙතරම් බාල ගල් අඟුරු භාවිත කර නොමැති බවත්, මේ හේතුවෙන් බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර දැඩි පීඩනයකට (Stress) ලක්ව ඇති බවත් එහි ඉංජිනේරුවන් පවසන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

ඩොලර් බිලියනයකට වඩා වටිනා මෙම යන්ත්‍රවලට සිදුවන හානිය රටේ සමස්ත විදුලි උත්පාදනයට බරපතල තර්ජනයක් බව ඔහු අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් මෙගාවොට් 810-900ත් අතර ප්‍රමාණයක් උත්පාදනය කළ යුතු වුවද, මෙම බාල ගල් අඟුරු නිසා දැනට උත්පාදනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණි. මෙලෙස අඩුවන මෙගාවොට් 95ක ප්‍රමාණය පියවා ගැනීම සඳහා රජයට අධික මිලක් ගෙවා ඩීසල් පුළුස්සා විදුලිය නිපදවීමට සිදුව ඇති බව අජිත් පී. පෙරේරා මහතා හෙළි කළේය,.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සහ අළු ප්‍රශ්නය ගල් අඟුරුවල තාප ධාරිතාව තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් අඩු වී ඇති අතර, සාමාන්‍යයෙන් 16%ක් විය යුතු අළු ප්‍රමාණය මේ වන විට 20%-22% දක්වා ඉහළ ගොස් ඇත. 

මීට අමතරව, තෙවැනි නැවෙන් ගොඩබෑ ගල් අඟුරුවල යාන්ත්‍රික දෝෂ පවා පවතින බවත් ඒ හේතුවෙන් ගොඩබෑම පවා නතර කර ඇති බවත් ඔහු පැවසීය.

මෙම ගල් අඟුරු සැපයුම භාර දී ඇත්තේ මහා පරිමාණ ගල් අඟුරු සැපයීමේ අත්දැකීම් නොමැති, මීට පෙර සහල් සැපයීමේදී කළු ලැයිස්තුගත කළ සමාගමකට බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. 

මෙම සමාගමට අවස්ථාව ලබා දීම සඳහා ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර ඇති අතර, දින 42ක් තිබිය යුතු ටෙන්ඩර් කාලය දින 21 දක්වා අඩු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වගකීමෙන් බැහැර වන බලධාරීන් විෂයභාර අමාත්‍යවරයා මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳව වගකීමක් නොමැති බව පැවසුවද, මෙම සියලු ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත්තේ අමාත්‍යවරයාගේ කණ්ඩායම විසින් බවත්, මෙය හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් වැනි ක්‍රියාවක් බවත් අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේය. 

රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 35%ක් සපයන නොරොච්චෝල බලාගාරය මෙවැනි අවදානමකට ලක් කිරීම ජාතික අපරාධයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය

4 Comments

  1. Engineers now dont get commission like before

    ReplyDelete
    Replies
    1. මේක කොමිස් කතාවක් නෙවෙයි ඩෝබියො, ගල් අගුරු වල තත්ත්වය පිලිබද කරුණක්.

      Delete
    2. WHO GET THE COMMISION?

      Delete
    3. උඹලා වගේ ඩෝබියො ඇනොනිමස් ඉන්න හින්ද හොඳයි. නැත්තං ගල් අඟුරු කාල අළු රෙන්න වෙන්නෙ උඹලට.

      Delete
Previous Post Next Post