- කමල් සුරවීර
යම් වැරැදි සිදුව ඇති බවට අගමැතිවරිය පවා පිළිගෙන තිබියදී නැවතත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කුමන හේතුවක් නිසාදැයි මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේ බැහැදැකීමට ආ දෙමව්පිය සංවිධානයේ පිරිස හමුවේ පැවසූහ.
හය වසර ඉගෙනුම ලබන දෙමව්පියන්ගේ සංවිධානය (20දා) මහනාහිමියෝ බැහැ දැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සංදේශයක් භාර දුන් අවස්ථාවේ මහනාහිමියෝ ඉහත අදහස් පළ කළහ.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහනාහිමියෝ මෙසේද කීහ.
‘‘මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරැදි තිබෙන බව රජය පිළිගෙන තිබෙනවා. මීට සම්බන්ධ බව සඳහන් වෙන කීපදෙනෙක්ගේ රාජකාරි පවා අත්හිටුවලා තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකට කල් දාලා තිබෙනවා. ඉතින් එහෙම තිබියදී ඒකම නැවත දරුවන්ට ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලුම් කිරීම අපට ගැටලුවක්. එක කණ්ඩායමක් කියනවා මේ ප්‍රතිසංස්කරණ දරුවන්ට අහිතකරයි නවත්වන්න කියලා. තවත් කණ්ඩායමක් ඉල්ලනවා ක්‍රියාත්මක කරන්න කියලා. අපට වැටහෙන විදියට අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන්, උගතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන මේ ප්‍රතිසංස්කරණ විධිමත් ආකාරයෙන් නියමිත පරිදි කළොත් හොඳයි නේද? ඕන තරම් ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු මේ රටේ ඉන්නවනේ.’’
මෙහිදී එම දෙමාපිය සංසදය මහානාහිමි හමුවේ සඳහන් කළේ ලෝකයම අධ්‍යාපන ක්ෂේත්රයේ නව මංමාවත් විවර කරමින් තාක්ෂණය හා එක්ව අනාගතයට උචිත දරුවන් බිහි කරනා වර්තමානයේ මේ රටේ දරුවන්ද සුපුරුදු සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව අනාගතයට මුහුණ දීම සඳහා සුදුසු දරුවෙක් බිහි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවය.
ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්ය බවත් සුළු වැරැදි කීපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකි බවත් ඔවුහු මහනාහිමියන් හමුවේ සඳහන් කළහ.
මෙම කණ්ඩායම අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැ දැක සංදේශය භාරදුන් අතර එහිදී උන්වහන්සේ පවසා සිටියේ මීට සම්බන්ධ සියලු දෙනාම එක්ව සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරැදි තීරණයකට පැමිණිය යුතු බවය.
මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මම සංගමයේ සාමාජික ජනනි තෙල්ලමුරේ කියා සිටියේ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සහාය නොදෙන ලෙස සියලුම විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරන බවය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමා මේ වසරේම ක්‍රියාත්මක කළ යුතු බවද ඇය කීවාය.

වචනයක් වැරද්ද නිසා..
ReplyDeleteඅනික ඒක දැන් නිවැරදි කරලා තියෙද්දි
ඇයි මෙච්චර කුහක ලමයි ඉගෙන ගන්නවාට ඇකැමති ඇයි මෙච්චර
අනිවාර්යයෙන් ,එක පිටුවයි වැරදි මේ ගන... ට තේරෙන්නේ නැති හැටි
Deleteසමාජ වෛරය පතුරවන්න මේ වෙබ් අඩවිය හොඳ උත්සාහයක් දරනව. විමලෙගෙ ඇතුලාන්තය නියමෙටම පේනව.
ReplyDeleteඒක ඇත්ත. කතාවේ මාතෘකාවයි අන්තර්ගතයයි කියවලා බලන්න ඕනේ කොයි තරම් වෙනස්ද කියල.
Deleteඅවසරයි ගරු ස්වාමීන් වහන්ස අලුත් විෂය නිර්දේශය ආවම අපේ සමාජයේ අලුත් ලොකු පිබිදීමක් ඇතිවෙනවා. ඒ පිබිදීම පැති කිහිපයකින් වෙන්න පුළුවන්. ළමයින්ට ගොඩක් වෙලාවට ස්වාධීනව තමන්ගේ තීරණ, බොහොම නිරවුල්ව ගන්න පුළුවන් තත්ත්වයකට පත්වෙන්න මේ අලුත් විෂය නිර්දේශය ඉතාම ලොකු හයියක් වෙනවා.
ReplyDeleteඒ වගේම තමයි ආගම ජාතිය මිනිස්සුන්ගේ කුලය මලය ඒ මිනිස්සු පැවත එන තත්ත්වයන් ඒ හැම දෙයක්ම ළමයි බොහොම උපේක්ෂාවෙන් විඳ දරා ගන්න ශක්තිමත් දරුවෝ විදියට ඒ ළමයි ඉස්සරහට යනවා.
ඒ වෙද්දි ටියුෂන් කාරයෝ, සමාජයේ යම්කිසි විදිහක වරප්‍රසාද ලත් කට්ටිය කලබල වෙන එක සාමාන්‍ය දෙයක්. ඉස්සර බණ්ඩාරනායක මහත්තයත් මුන්ට මොකටද ඉංග්‍රීසියෙන් උගන්නන්නෙ උන් ඉංග්‍රීසි ඉගෙන ගත්තම අපිට ගස්ගෙඩි කඩා ගන්න එකෙක් නැති වෙනවනේ කිව්ව කතාවයි මං ඔබ වහන්සේ මේ අද කියන කතාවෙයි වෙනසක් දකින්නේ නෑ
මේ ප්‍රවෘත්තිය හොඳින් කියවලා බලන්න. ඔබටම තේරෙයි මේකේ හාමුදුරුවෝ මිනිස්සුන්ට මුකුත් කියලා නෑ බැනලා නෑ. බොරුවට හාමුදුරුවන්ට බනින්න එපා. මේ අන්තිම සවුත්තු වෙබ් අඩවියට අවශ්‍ය වෙලා තියෙන්නෙත් මිනිස්සු ලව්ව හාමුදුරුවොන්ට බැනලා ඒකෙන් මේ ආණ්ඩුව සංඝ සමාජයට විරුද්ධව යන මිනිස්සුන්ගෙන් පිරිච්ච එකක් කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒකට අහුවෙන්න එපා
ReplyDeleteහාමුදුරුවො බැන්නන් මොකක්ද අවුල. ප්රරති සන්ස්කරන ඕන කියල මුන් මහා නාහිමිට කියන්නෙ මොන ලබ්බකටද?
DeleteJvp didn't allow ranil to do this in 1982. After 50 yrs jvp trying to implement the same. This is 50 yrs old . We need to look 30 yrs ahead . Its hilarious.
ReplyDelete