සමාජ ජාලා පුවත් පාලනයට දැඩි නීති..

 


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) යටතේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, විශේෂයෙන්ම තහවුරු නොකළ පුවත් පතුරුවා හැරීම වැළැක්වීම සඳහා පවතින නීති රීති තවත් දැඩි කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටමින් Sunday Times වාර්තා කරයි.

මෙම නව සංශෝධන මඟින් අසත්‍ය පුවත් නිර්මාණය කරන පුද්ගලයන් මෙන්ම, එම තොරතුරු උපයෝගී කරගනිමින් පුද්ගල ප්‍රතිරූපයට හානි වන අයුරින් පුවත් නිර්මාණය කරන්නන් ද දැඩි පාලනයකට නතු කිරීමට නියමිතය.

"බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාලවලින් ලබාගන්නා තොරතුරු කිසිදු තහවුරු කිරීමකින් තොරව පුවත් ලෙස විකාශනය කිරීම සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වන අතර ඔවුන්ට දැඩි හානියක් සිදු වෙනවා," යැයි එම නිලධාරියා සඳහන් කර ඇත.

කමිටු වාර්තාව මේ මස කැබිනට් මණ්ඩලයට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන සොයා බැලීම සඳහා සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව මෙම මාසය තුළදී ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇත.

මුල් පනත් කෙටුම්පතේ පැවති දුර්වලතා රැසකට මෙම නව සංශෝධන හරහා විසඳුම් ලබා දී ඇති බව ද සඳහන් වේ. මෙම සංශෝධිත පනත් කෙටුම්පත ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් තව දුරටත් වාර්තාව කියයි.

3 Comments

  1. මේ පනත අවුරුදු දහයකට ඉස්සෙල්ල ගෙනල්ල තිබුණ නං පඟර නැට්ට එක්ක ජෙප්පෝ ඔක්කොම හිරේ.

    ReplyDelete
  2. ලොරි ටෝක් තක්කඩි ලප කොටාගේ ආන්ඩුවේ මලගම ආරම්භ උන වගයි.

    ReplyDelete
  3. ට්‍රක් එකේ පුරවලා තිබුණු ෆයිල් ඔක්කොගෙම තිබුණේ ඇත්තම තමයි. ඒත් දැන් ඒව එළියට ගන්න බයයි.

    ReplyDelete
Previous Post Next Post