අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළවළු නිෂ්පාදනය පිළිබඳවත් වී නිෂ්පාදනය පිළිබඳවත් ඇති ගැටලු පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දීමටත් නිවාස හා නැවත පදිංචි කිරීමේ ගැටලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ජනවාරි මාසය ඇතුළත වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කරන බව වෙළෙඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉකුත්දා අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහන කමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වන ලෙසත් යළි මෙවැනි ආපදාවලට ලක් නොවන ආකාරයටත් ජන ජීවිතය යථාවත් කිරීමටත් කටයුතු කරනවා. ආපදාවත් සමඟ ඇති වූ තත්ත්වයන් හා පශ්චාත් ආපදා තත්ත්වය අවම කරලා ජන ජීවිතයේ යථාවත් කරන්න Rebuilding ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයට එකතු කර නැවත ජනතාව වඩා සතුටින් ජීවත් කරවීමට කටයුතු කරනවා.
සියයට අනූවකටත් (90%) වඩා අනුරාධපුර වගා හානි වන්දි ගෙවා අවසන්. පූර්ණ නිවාස හානි හා අර්ධ නිවාස හානිවලට අදාළ තක්සේරු මේ වන විටත් සිදුකරනවා. අවතැන් වූවන් නැවත පදිංචි කිරීමට අදාළ කටයුතු කරලා තියෙනවා. රුපියල් 25,000ක වන්දි ගෙවීම හා 15,000 වන්දි ගෙවීමේ ගැටලු තිබුණා. ඒ ගැටලු ජනවාරි පහළොව වෙද්දී අවසන් කරන්න සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් එකඟ වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා නොකළ භූමි වගා කරන්න අවශ්‍ය පහසුකම් සලසන්නත් දැනට වැඩ නිම කිරීමට බැරි වූ මධ්‍ය වාරි ව්‍යාපෘති දෙකක කටයුතු අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා තමන්ගේ ශ්‍රමදායකත්වය ලබාදෙන්න අපිට පොරොන්දු වුණා. ඉදිරි දින කිහිපයේදී ඒ කටයුතු අවසන් කරනවා.
– කුමාර වන්නිනායක

ඇයි උඹ වැස්ස වලාහක දෙයියොද ?
ReplyDeletemu kivoth kiyannae me va vage gon kathvak
DeleteJeppa hithan inne ehemane
ReplyDeleteඑහෙමනම් මූ හිතගෙන ඇත්තෙ වැස්ස නැති කරන්න වෙන්න ඕනෙ
ReplyDeleteඑක හාල් ඇටයක්වත් ලබන වසරේ සිට රටින් ගේන්නෙ නැහැ කියලත් ගිය අවුරුද්දෙ කිව්වා වගේ මතකයි. තාමත් පොන්නි සම්බා නම් ගේනවා.😂
ReplyDeleteAre you going to stop the rain now ? Yes you are miracle worker right bro ? You became filthy rich over night so you think that you can stop the rain too ?
ReplyDelete