ඇමරිකාවේ වෙනිසියුලා ප‍්‍රහාරය ගැන රජයෙන් නිල නිවේදනයක්.. ජවිපෙන් වෙන එකක්..


වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. 

වෙනිසියුලාවේ පවතින තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වේ.

ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ශ්‍රී ලංකාව අවධාරණය කර සිටියි. 

විශේෂයෙන්ම බලය භාවිතා කිරීම තහනම් කිරීම, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරැකීම වැනි කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය මෙන්ම කලාපීය ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි වැදගත්කමක් ලබාදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

ඒ අනුව, පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කරමින්, සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමකට එළඹීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි. 

වෙනිසියුලානු ජනතාවගේ ස්වෛරී අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් කරා ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම වැදගත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.



5 Comments

  1. ඇමෙරිකාවට ඉංගිරිසියෙන් ලියලා දන්වන්න ලංකාවේ වර්තමාන පාලකයින් වෙනිසුයලාවට කරපු දේට ඇමෙරිකාවට තම දරුනුම විරෝධය දක්වනවා කියලා

    ReplyDelete
  2. Idiot its same thing may be you all able to play around with words for your dobies not with international arena.

    ReplyDelete
  3. අන්දරෙත් පදිරි මේ ආණ්ඩුවට.

    ReplyDelete
  4. නියම වහල් කෙඳිරියක්

    ReplyDelete
  5. යට ඇඳුමත් අනුන්ගෙන් ඉල්ලාගෙන ඇඳපු සෙට් එකේ වහල්භාවය ඇඟ ලේ මස් නහර කටුවලටම උරාගෙන කිඳාබැහැල තියෙන්නේ.දැන් ඉතින් මේ මාලිමා ජෙප්පන් නැවත හදලා හෝදලා හෝදලා ගත්තත් වෙනස් කරන්න අමාරුයි.

    ReplyDelete
Previous Post Next Post