එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඇරඹෙන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා රජයක් ලෙස ලබා දිය හැකි සියලුම පහසුකම් සැලසීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සම්බන්ධයෙන් (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට හිමිව ඇති බවත්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ට පහසු ලෙස දුම්රිය සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා යෙදවීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවද කීය.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ආරම්භ වන පෙබරවාරි 04 වැනිදා සිට අවසන් වන පෙබරවාරි 11 වැනිදා දක්වා ධාතු වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම සියලු පහසුකම් ලබා දීමට කටයුතු යොදා තිබේ.
දඹදිව සිට මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවක් මෙරට පවත්වන්නේ දිගු කාලයකට පසුව බවත්, පසුගිය වසරේ සිරි දළදා වන්දනාව පැවැත්වීමෙන් ලැබුණු අත්දැකීම් පදනම් කරගෙන මෙවර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථකව පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අනුව බැතිමතුන්ගේ භක්තිමත්භාවය වැඩිදියුණු වන ආකාරයට පරිශ්‍රය සූදානම් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එමෙන්ම ධාතු වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් ඉතා සංවරව, විනීතව හා පාරිසරිකයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට එම පරිශ්‍රයේ රැඳී සිටින ලෙසද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

OMG, the government is going to fool people again. Our poor people will fall into this trap.
ReplyDeleteඅර අත්තික්ක ගහේ පැටලිච්ච සිඋර ගන්නෙ කවදද මල්ලි
ReplyDelete