අගමැති ධුරයේ වෙනසක්ද..? ටිල්වින්ගෙන් ප‍්‍රකාශයක්..


 ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

අගමැති හා අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එකී ධුරයෙන් ඉවත් කිරීමේ හෝ අස්වීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කළ විමසීමේදී ඔහු ඒ බව කීවේය.

අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ඇය එකී ධුරයන් හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත් සිල්වා මහතා පැවැසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එකී පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දකින්නේ දවල් හීන බවද ඔහු පැවැසීය.

අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉලක්ක කර පහර දෙන්නේ ඇය විපක්ෂයට අභියෝගයක් නිසා යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

- දිවයින

6 Comments

  1. මිනිස්සු දෙන්නෙක් එක්ක ලිවින්ටුගෙදර් ඉඳලා ආප්ප බාන ගෑනිට මෙනවියලු.

    ReplyDelete
  2. ඔහේ ඵලයන්.

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම ඉල්ලා අවියයුතුයි. ඇනික ටිල්වියා මොකෙක්ද ආණ්ඩුවේ තීරන ගැන කතාකරන්න.

    ReplyDelete
  4. ට්‍රම්ප් ගේ නව ගෝලීය පාලනය හේතුවෙන් ජවිපේ නව ප්‍රත්සංස්කරන ආරම්භ කර ඇති ඇත.
    ටිල්වින් ලේකම් දූරයෙන් සමුගන්නා අතර නව සාමජිකයින් සිය ගනනක් නායකත්යට පුහුනු කරමුන් සිටී.

    නූතන භුදේශපාලනයට ගැලපෙන ලංකාවට ආවේනික පක්ශ ක්‍රමයක් සාදා ගැනීම අරමුණයි

    ReplyDelete
  5. මේ නාකි හිවලා මොන පකයෙක්ද රජය වෙනුවෙන් නිවේදන නිකුත්කරන්න 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮

    ReplyDelete
  6. ජෙප්පෝ කරන්නේ LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ ...ජෙප්පොන්ව රටෙන්ම පන්නමු .

    ReplyDelete
Previous Post Next Post