ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අඹුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට එහි ආයෝජකයා වන චීනයේ Amber Adventures පෞද්ගලික සමාගම තීරණය කර ඇත.
මෙරට නියාමන ක්‍රියාවලියේ පවතින බාධා සහ රජයේ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් මෙම තීරණයට හේතු වූ බව එම සමාගම අවධාරණය කරයි.
ඊයේ (13) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දෙමින් සමාගම පවසා සිටියේ, තාක්ෂණික ආයතනවල අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පැමිණිලි පදනම් කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි.
ශ්‍රී ලංකාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයින්ගෙන් සැදුම්ලත් එකමුතුවක් හරහා 2022 වසරේ පැවති ආර්ථික අර්බුදය මධ්‍යයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.
ව්‍යාපෘතියේ සම්පූර්ණ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12.75ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 3.5ක් දැනටමත් ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතිය 'ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම' පදනම මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර, වසර 13ක කාලයකට පසු රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් පද්ධතිය නොමිලේ රජයට පැවරීමට ගිවිසගෙන තිබුණි.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය, නාගරික සංවර්ධන අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලු ආයතනවල අනුමැතිය හිමිව තිබූ බවද සමාගම පෙන්වා දෙයි.
ව්‍යාපෘති භූමියේ නායයෑමේ අවදානමක් පවතින බවට එල්ල වූ චෝදනා සමාගම ප්‍රතික්ෂේප කරන අතර, සුළි කුණාටුවෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකළ පරීක්ෂාවකින් භූමියේ ස්ථාවරත්වය තහවුරු කර ඇති බවද ඔවුන් පවසයි.
රජයේ නිලධාරීන්ගේ නිරන්තර බාධා කිරීම් හමුවේ ව්‍යාපෘතිය වාණිජමය වශයෙන් පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පත්ව ඇති බව පවසන ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගම, සිදුවූ පාඩුව අය කර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් වෙයි.
ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම බරපතල නියාමන අසාර්ථකත්වයක් බවත්, මෙවැනි අනපේක්ෂිත පරිසරයක් තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් එම ලිපියේ සඳහන් වේ.
2022 වසරෙන් පසු ආර්ථික අස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය නොගැලපීම් හේතුවෙන් මෙරටින් ඉවත් වූ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම් කිහිපයක් අතරට දැන් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගමද එක්ව තිබේ.
මීට පෙර වසර 60ක් මෙරට ක්‍රියාත්මක වූ ජපානයේ මිට්සුබිෂි (Mitsubishi) සමාගම, ප්‍රංශයේ ඩෙකැත්ලෝන් (Decathlon) ක්‍රීඩා භාණ්ඩ සමාගම, ඉන්දියාවේ සොමැටෝ (Zomato) සේවාව, සහ ආන්දෝලනාත්මක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වූ අදානි (Adani) සමූහය මෙරට මෙහෙයුම් නතර කිරීමට පියවර ගෙන තිබුණි.
මෙම නවතම ඉවත් වීම විදේශීය ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන සුරක්ෂිතභාවය පිළිබඳ සෘණාත්මක පණිවුඩයක් නිකුත් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඔහොම යන් සහෝදරවරුනි. සියලුම පරදේශ බලවේග රටින් ඉවත් කර, කිලීන් ශ්‍රී ලංකාවක් බිහිකර, ස්වයන් ආර්තිකයක් ස්තාපිත කරල රට ලෝකයේ ඉහලින්ම ඔසවා තබන්න පුලුවන් ඔබට පමනි. ඔබ කිව් පරිදි අපේ රට ලෝකෙටම මොඩල් එකක් කරාම කාටද ආඩම්භර?
ReplyDeleteWhat a looser you are man, just like your idiot leaders you have no bloody idea how thing work.
Deleteඑදා මහින්ද රජපක්ශට port city එකේ ඉඩම් තියෙනවා කියන්න ගිහින් CHEC එකත් මේ දෙයම කලා. එද කියපු බොරුවට චිනය අපේ රටට warning letters පවා නිකුත් කලා. මේක බොරුව රජයන කාලයක්
ReplyDeleteport city එකේ අයෝජන ඩොලර් බිලියන 3 fixed deposit දැම්මා නම් මේ වෙද්දි පොලියතෙක්ක බිලියන 7,8 ක් වෙලා..no need of IMF
Deleteuseless investment & wrong timing...
it was only for improving MR PR campaign due to election
1965 ඉඳලම කෙරුවේ. ආයෝජකයන් පලවා හරින එක. , දැන් රජය බාරගත්තට පස්සේ ඒකම කරපියව්. තොපිට පුළුවන් වැලිකොට්ට ටිකක් තියලා පාරක් හදන එකක්, හදපු පාරට තාර ටිකක් දාලා මැති ඇමතිවරු ඔක්කොම ඇවිල්ලා විවෘත කරන එක වගේම බාලාංශයේ වැඩ..
ReplyDeleteබිලියන 1.2ක කේබල් කාර් ගනුදෙනුව අම්බුලුවාව ව්‍යාපෘතිය පවුලේ සමාගමකට ගිය ආකාරය.
Deletehttps://m.youtube.com/watch?v=zTI5Wy95qRw&pp=ygUHTWVkaWFsaw%3D%3D
නියමයි අනුර නියමයි. සියලු විදේශීය ආයෝජකයන් පලවා හැර රට බේරා ගමු. ඊට පසුව අපි සැම එකතුවී රෙමු. රීලා රීපු ගූ කමු.
ReplyDeletenaaya yana then wala ayojana dunne raajapaksha buruwada ? ranil buruwada ?
DeleteMe project eka nisa me peththe gewal walata wela thiyena winase...poddak awith balapalla...boruwata mokuth nodena comment danne nethiwa
ReplyDeleteසුළි කුණාටුවෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකළ පරීක්ෂාවකින් භූමියේ ස්ථාවරත්වය තහවුරු කර thibeddith thava gewal walata wela thiyena winase gana kaivaruva. Lol.
DeleteRedda thamai...un kiyapuwa kawadda harigiye...me peththa palathaka awe nee...awilla balapan...ambuluwawa kanda pamulata...hathara watenma winasa wela thiyena heti...suli kunatu reddak adala nee...kalugal kada kada pahalata peraluwa...bora dama dama...."භූමියේ ස්ථාවරත්වය තහවුරු කර" redda thamai..
DeleteUma Oye hila (part 2).
ReplyDeleteබිලියන 1.2ක කේබල් කාර් ගනුදෙනුව අම්බුලුවාව ව්‍යාපෘතිය පවුලේ සමාගමකට ගිය ආකාරය.
Deletehttps://m.youtube.com/watch?v=zTI5Wy95qRw&pp=ygUHTWVkaWFsaw%3D%3D
This is not a foreign company. This is a family company of Anuradha Jayarathna and his relations.
ReplyDeleteබිලියන 1.2ක කේබල් කාර් ගනුදෙනුව අම්බුලුවාව ව්‍යාපෘතිය පවුලේ සමාගමකට ගිය ආකාරය.
ReplyDeletehttps://m.youtube.com/watch?v=zTI5Wy95qRw&pp=ygUHTWVkaWFsaw%3D%3D