හිටපු ජනාධිපතිලාට අගමැතිලාට එරෙහි ලොකු නඩු වසන් කරලා...- බිමල්


රට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අමාත්‍යවරුන් සහ නිලධාරීන්ට එරෙහිව තිබූ බරපතල දූෂණ චෝදනා සහ නඩු වසන් කර තිබූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 

ඒවා විමර්ශනය කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන්ට ලබාදෙන බංගලා දෙකක් දැනටමත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ බංගලා තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. 

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා මේ මාසය අවසන් වීමට පෙර තවත් බංගලා දෙකක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු අනාවරණය කළේය.

පසුගිය පාලන සමයන්හිදී රට පාලනය කළ පුද්ගලයන්ට එරෙහිව තිබූ නඩු හංගා තැබීමට කටයුතු කළ බවත්, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පැවති අක්‍රමිකතා පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී විවේචනාත්මකව අදහස් දැක්වීය. 

හර්ෂණ නානායක්කාර මහතා නීතිපතිවරයාට අනුව වැඩ කරනවා යැයි යමෙකු සිතන්නේ නම් එය "පිස්සුවක්" බව පවසමින් ඔහු අවධාරණය කළේ පවතින ක්‍රමවේදයේ වෙනසක් සිදුවෙමින් පවතින බවයි.

තවද, හිටපු දේශපාලන නායක නායකාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්, එක් අයෙකු FCID වෙත කැදවා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

6 Comments

  1. දැන් උබලට කර කියා ගන්න දෙයක් නැති උනහම ඔහොම කියපිය පොල් බුරුව.;

    ReplyDelete
  2. තොපි ලග නේද ඔය පයිල් තියනවා කියල කිව්වේ
    දැන් කෙදිරි ගන්නේ අයි

    ReplyDelete
  3. ඒ විතරක්යැ අර කොන්ටේනර් පන්නපු එකේ නඩුවත් වසන් කරලා

    ReplyDelete
  4. Low quality coal importing after changing tender guidelines. Take this also

    ReplyDelete
  5. වනචාරී යෙක්

    ReplyDelete
  6. ජෙපි ආන්ඩුවක් පත් කරලා , ජෙප්පෙක් ජනාධිපති කරලා, ඔය ඔක්කොම හොරු ටික හිරේට දානවා. බලපල්ලකො ජෙපි ආන්ඩුවක් පත් උනාම හොරුන්ට වෙනදේ.

    ReplyDelete
Previous Post Next Post