මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අද දින අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියහ.
ඒ, උන්වහන්සේගේ රියදුරු වන අසංඛ නමැත්තා වෙත එම අංශය මගින් කරන ලද කැඳවීමකට අනුවය.
මෙම කැඳවීමට හේතුව මිහින්තලේ රජමහා විහාර භූමියේ පිහිටි රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධ ගැටලුවක් බව අනාවරණය විය.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගොඩනැගිල්ල එදා සිටම විහාරස්ථානය සතු වූවක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමතිව සිටි සමයේ මෙහි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවත්, 2013 වසරේ 'දැයට කිරුළ' වැඩසටහන යටතේ මෙහි ගොඩනැගිලි ඉදි කළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන සමයේදී පවා මෙම ඉඩම පන්සලට අයිති බව පිළිගෙන තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වා තිබූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
යූටියුබ්කරුවෙකු විසින් චෝදනා කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කර රුපියල් කෝටි පහක හෝ හයක මුදලක් ලබාගෙන ඇති බවයි. එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නාහිමියෝ, තමන් සත පහක් හෝ ලබාගෙන නොමැති බවත්, යම් මුදලක් ලැබෙන්නේ නම් එය ලැබෙන්නේ විහාර දේවාලගම් පනත යටතේ භාරකාර දෙපාර්තමේන්තුවට බවත් අවධාරණය කළහ.
තමන් වහන්සේ විහාරාධිපති සහ භාරකාරවරයා ලෙස සිටියදී, ඒ පිළිබඳව රියදුරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම උන්වහන්සේ විවේචනය කළහ.
"මගෙන් ප්‍රකාශ ගන්න ඕනේ. මම වැරදි කරලා නැහැ, මාව කෙලින්ම ගන්න. මාව අත්අඩංගුවට ගන්න කිසි ගැටලුවක් නැහැ," යනුවෙන් උන්වහන්සේ පොලිසියට අභියෝග කළහ.
යූටියුබ්කරුවන් පවසන දේ මත පොලිසිය ක්‍රියාත්මක වන්නේ නම්, අදාළ යූටියුබ්කරුවාද ගෙන්වා මේ පිළිබඳව විමසිය යුතු බව උන්වහන්සේ පැවසූහ.
මෙහිදී උන්වහන්සේ වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද දැඩි ලෙස අදහස් දැක්වූහ. හයේ පන්තියේ සිට දරුවන්ට ලබාදෙන ඇතැම් අධ්‍යාපනික කරුණු හරහා දරුවන් සමලිංගික ක්‍රියාකාරකම් වෙත යොමු කිරීමට උත්සාහ කරන
"මේක ආප්ප දේශයක් කරන්නත්, ගල් කර්මාන්තශාලා දාන්නත් තමා මෙයාලට ඕනකම තියෙන්නෙ," යනුවෙන් උන්වහන්සේ රජය විවේචනය කරමින් ප්‍රකාශ කළහ.
බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයෙකු පවා නොමැති තත්ත්වයක් තුළ ආගමික කටයුතු පිරිහෙමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
තමන් වහන්සේ සිරගත කළද, මරා දැමුවද රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ පැවසීම නතර නොකරන බව පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ අවසාන වශයෙන් ප්‍රකාශ කළහ.

ඔබ වහන්සේට මෙම දේශදෝහි මාලිමා ආණ්ඩුව පළවා හැරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා!තෙරුවන් සරණයි
ReplyDeleteමූට යෝධ බල ලැබෙන්න කියලා ගිහිං නැමීල ඉඳන් අත් දෙකෙන් තට්ටං දෙක ඈත් කරන් ඉන්නවා ඔච්චර අමාරු නං.
Deleteමේක තමයි ජෙප්පංස්කෘතිය
Deleteහොර වැඩ ටික ආන්ඩුව ලාවා හෝදගන්න ගන්න හදන සීන් එකක් තියෙන්නේ ආගම ඉස්සරාට දාගෙන
Deleteමිහින්තලේ himi ge මොකක් හරි හොර වැඩක් තියෙනේවා..
ReplyDeleteමර බියෙ නන් දොඩෝනා වගේ..
මෙහෙම අස්වාභාවික විදිහට හැසිරෙන්නේ මොකක් හරි අවුලක් තියෙන හින්දා....... සජබෙන් චන්දෙත් ඉල්ලුවා..... පිස්සු පkක්
වහාම පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරනු. නිකං ඩෝබි කොමෙන්ට් ගහලා කිච වෙන්න එපා.
Delete