වෙනිසියුලාවේ ස්ථාන රැසකට එල්ල කළ "මහා පරිමාණ" ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා එරටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර වෙනිසියුලානු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් එරට රජයේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනා දැනට සිටින ස්ථානයක් පිළිබඳව තම රජය නොදන්නා බවයි.
ඔවුන් ජීවත්ව සිටින බවට සාක්ෂි වහාම ඉදිරිපත් කරන ලෙස ඇය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉල්ලීමක් කළාය.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝව මේ වන විටි අමෙරිකාවට ගෙන යන බවත් එහිදී ඔහුට අපරාධ චෝදනා ගොනුකරනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත.
මදුරෝ ඇමරිකානු භාරයේ පසුවන නිසා වෙනිසියුලාව තුළ ඉදිරියට මෙහෙයුම් අවශ්‍ය නොවනු ඇතැයිද හෙතෙම සදහන් කර තිබේ.
මදුරෝ වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස නොසළකන බවත් ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල ආණ්ඩුව නොවන බවත්, ඔහු ලොස්-සෝලෝස් නමැති මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කල්ලියක ප්‍රධානියා ලෙස අමෙරිකාව හඳුන්වන බවත් මාර්කෝ රුබියෝ මීට පෙර චෝදනා කර තිබින.
මේ වන විට වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා විසින් එරට හමුදාවන්ට සහ ජනතාවට හදිසි නියෝගයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ වෙනිසියුලාවේ සියලුම ගොඩබිම, ගුවන්, නාවික, මිසයිල බලකායන් වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා යොදවන ලෙසය.
මෙම අත්අඩංගුවට ගැනීමට පෙර, ඇමෙරිකාව විසින් වෙනිසියුලාවේ ප්‍රාන්ත කිහිපයක සිවිල් සහ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට එරට රජය චෝදනා කළේය.
වොෂින්ටනයේ මෙම "හමුදාමය ආක්‍රමණය" දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ජනාධිපති මදුරෝගේ රජය, ප්‍රහාර මාලාවෙන් පසු රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
පසුගිය මාස කිහිපය පුරා දෙරට අතර පැවති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මෙම තත්ත්වයට මුල් වී ඇත. ජනාධිපති මදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කළ අතර, මදුරෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් ජනාධිපති මදුරෝ කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇමෙරිකාව වෙනිසියුලාවට ආසන්න මුහුදු කලාපයේ ගුවන් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර, වෙනිසියුලානු රජයට එරෙහිව සම්බාධක පනවමින් හමුදාමය පීඩනය දැඩි කිරීමට ද පියවර ගෙන තිබුණි.

අනුරට ඇමරිකාව වචනයකින්වත් විරුද්ද නැත්තේ ඇයි කියලා තේරෙනවද?
ReplyDeleteඅංක එකේ පාහර වැඩක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච නායකයෙක් හිටියේ. ඌ ඇමරිකාවට තෙල් මංකොල්ල කන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා ඌවත් ඇල්ලුවා. ඉරාකෙට කරපු පාහර වැඩේම මෙතනටත් කරා. එච්චරයි.
ReplyDeleteලෝකේ වැඩිම තෙල් සංචිත තියෙන රට වෙනිසියුලාව. දැන් ඉතින් ඇමරිකාවට නොමිලේ තෙල් හම්බෙනවා. මේ ලෝකේ මහ පාහර ලෝකයක්. බලය තියෙන එකා නැති එකාව පාගගෙන බෙල්ල මිරිකගෙන හූරගෙන කනවා. අමනකම ලෝකේ රජ කරනවා. මනුස්සකම මැරිල ගිහින්.
DeleteThere are many aspect of this but this was predicted months ago. Trump will do what he says he will do.
Delete1. Maduro was running the whole drug operations in US and most western countries. This was a fact.
2. There is no such thing as democracy in South America! It was a puppet government with drug money, oil money coming from China and military support from Iran
3. Maduro was behind Vote machine fiasco in the 2020 election. This is persona revenge for Trump but more importantly , a victory to restore trust in elections.
ඊයා හැබැයි ඒ වැඩේ නම්. ඇමරිකාවට තේරුනා චන්දෙකින් නම් මේ මනුස්සයව පරද්දන්න බෑ කියලා. ඒ අතින් ලංකාවේ වගේ ගොන් ගස් ඒ රටේ නෑ. ඒ නිසා තමයි මෙහෙම උනේ. ඒ රටේ මිනිස්සුන්ගේ දේශාභිමානය, රටට හිතැති බව රන් අකුරින් ලියවේවි.
ReplyDeleteEnd of USA era…
ReplyDeleteNow Nobody belive usa
Better to convert all usd to euro
Really? Are you stupid or have severe TDS?
DeleteTrump is not going to long lasting wars. Its all business for him. USA doing good and strong now. You must read some international news.
DeleteF*ck around and find out!
ReplyDelete