ආණ්ඩුව ගෙනාවේ දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක්..

 


ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබවින්ම ප්‍රතිසංස්කරණයක් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂමහතා පවසයි.

එහි විෂය නිර්දේශ තරමක් දුරට වෙනස් කර ඩිජිටල් මාදිලියෙන් ඉගැන්වීමට පමණක් යෝජනා කර ඇති බව ද එවැනි සිල්ලර වැඩවලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි නොකියන බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ පාලකයන් දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයෙන් ඉගැන්වීම් කිරීමට යොමුවන විට එහි ප්‍රතිවිපාක අත්විඳින දියුණු යැයි සම්මත ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි රටවල් අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට දුරකතන ලබා නොදිය යුතු බවට නීති සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

රටේ ජනතාවගෙන් 90%ක් පමණ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන්නේ ආණ්ඩුවට විරුද්ධ නිසා නොව දරුවන් බේරා ගැනීමට බව ද ඔහු අවධාරණය කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේදාස රාජපක්ෂ මහතා මේ බව කීය.

2 Comments

  1. ඈමරිකාව සමලින්ගික සමයන් ඉස්කෝලවලට තියා සමාජයටවත් ගේන්න දෙන්නේ නෑ....මුන් ඈමරිකාවත් එක්ක ඔක්කොම ජාති කරනවා මේක විතරක් මෙහෙම යනවා මොකද අගමෑති සමලින්ගික නිසා ......තුහ්හ්.....තුහ්හ් අසමජ්ජාති ......අනිත් හෑම කතෝලික රටේම මේවා තහනම්......අපේ කතෝලික නායකයා ජෙප්පොන්ට චන්දේ දෙන්න කියලා අපි හෑමෝටම බල කලා.....තුහ්හ් මෑල්කම් රන්ජිත්.....තුහ්හ්

    ReplyDelete
  2. මෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අය ටික ටික එළියට එනවා. හරිනි ඒ ගොල්ලන්ගේ නම් කියන්න බෑ කිව්වනේ. සුජාතා ගමගේ ලෝක බැංකු ව්‍යාපෘතියේ සිටි බව අපි කලින්ම කිව්වා. එස්. බී. ගේ ගොට්ටා සුනිල් ජයන්ත නවරත්නත් හිටියා. හෙට අනිද්දට මිනිහත් නාලිකාවකට එයි. උපාලි සේදරයි, ටිරාන්ගේ මල්ලී හර්ෂ අලසුයි ආවනම් වැඩේ සම්පූර්ණයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය වනසන්න දශක ගණනක් තිස්සේ දතකාපු නව ලිබරල් කේවට්ටයෝ සෙට් එකට තමයි හරිනි බුද්ධිමතුන්, විෂය ප්‍රවීණයෝ කිව්වේ...

    මහ මැතිවරණෙට කලින් විවෘත විශ්ව විද්‍යාලයේදී විවිධ පක්ෂ වල අධ්‍යාපන ප්‍රතිපත්‍ති ගැන සංවාදයක් තිබ්බා. ඒකට සුජාතා ගමගේ ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියෝජනය කරමින් කතා කළා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආවේ චතුරංග අබේසිංහ. සුජාතා ජවිපෙට හතර අතේ නෙලුවා.

    ReplyDelete
Previous Post Next Post