වසරක අනිවාර්ය දැනුම්දීමේ කාලසීමාව අවසන් කරමින්, අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේදීම අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක විය.
ඉවත් වීමට හේතු ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි, මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පිරිවැය කපා හැරීමයි. "ලෝක සෞඛ්‍ය සංවිධානය අපව සූරාකෑවා, සෑම කෙනෙකුම අමෙරිකාව සූරාකනවා, එය තවදුරටත් සිදු වීමට ඉඩ දිය නොහැකියි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
අමෙරිකාවට අනවශ්‍ය ලෙස අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්, චීනය වැනි රටවල් වැඩි ජනගහනයක් සිටියදීත් අමෙරිකාවට වඩා 90% කට වඩා අඩු දායකත්වයක් ලබා දෙන බවත් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.
මීට අමතරව, කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වූ බවට සහ එය දේශපාලන බලපෑම්වලට යටත් වී ඇති බවටද ඔහු දැඩි විවේචන එල්ල කළේය.
අමෙරිකානු සම්පත් දේශීය අවශ්‍යතා වන යටිතල පහසුකම්, හමුදා සූදානම සහ දේශසීමා ආරක්ෂාව සඳහා යොමු කිරීම ට්‍රම්ප්ගේ ප්‍රමුඛතාව වී ඇත.
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර, වාර්ෂිකව ඩොලර් මිලියන 160 සිට 815 දක්වා ආධාර සපයයි. විශේෂඥයන් අනතුරු අඟවන්නේ අමෙරිකාව ඉවත් වීම නිසා පෝලියෝ මර්දනය, මාතෘ සහ ළමා සෞඛ්‍ය වැඩසටහන් අඩාල විය හැකි බවයි.
නව වසංගත හඳුනාගැනීමේ සහ නිරීක්ෂණය කිරීමේ හැකියාව දුර්වල වී ලෝකය පුරා මාරාන්තික රෝග පැතිරීමේ අවදානම වැඩි විය හැකි බවයි.
2024-25 මූල්‍ය වර්ෂය සඳහා අමෙරිකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 228 ක මුදල මෙතෙක් ගෙවා නොමැති බවද වාර්තා වේ.
මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ අමෙරිකාව සමඟ වසර 70ක් පුරා පැවති සහයෝගීතාව හරහා වසූරිය තුරන් කිරීමටත්, පෝලියෝ රෝගය අවසන් අදියරට ගෙන ඒමටත් හැකි වූ බවයි.
පසුගිය වසර හත තුළ සංවිධානය තුළ විශාල ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, අමෙරිකාව සිය තීරණය නැවත සලකා බලනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතරව, ට්‍රම්ප් පරිපාලනය තවත් ජාත්‍යන්තර ආයතන 35කින් සහ එක්සත් ජාතීන්ගේ ආයතන 31කින් ඉවත් වීමට සැලසුම් කර ඇත.

මැද පෙරදිග හා ලෝකයේ මුසල්මානුන්ගේ ( මුස්ලිම්) අන්තවාදී ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට චීනය හා රුසියාව එක ඩොලර් එකක්වත් වියදම් නො කළ බව අපගෙ අදහස ය. ඇතැම් අවස්ථාවල මුස්ලිම් අන්තවාදය ව්‍යාප්තියට චීනය හා රුසියාව උදව් නො කළේ යයි කිව හැකිද? ප්‍රධාන කොට ම ඇමරිකා එක්සත් ජනපදය මුස්ලිම් අන්තවාදය එරෙහිව මුදල් යෙදවීම, ආයුධ බලය යෙදවීම, ඇමරිකානු බුද්ධි ඒජන්සිය යෙදවීම (CIA) ඇතුලු හැකි සෑම ආකාරයකින් ම ක්‍රියා කර ඇත. දැනුදු එසේ ක්‍රියා කරයමින් සිටිඋ. චීනය, ,රුසියාව ඒ වෙනුවෙන්, මුස්ලිම් අන්තවාදය හෙවත් මුස්ලිම් අන්ත්වාදී ත්‍රස්තවාදය මර්දනයට උපකාර කර නැති බව අපගේ අදහස ය. ලෙඩ රෝග ,වසන්ගත, පාලනය මෙන් ම මේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත්වාදය ද මිහිතලයෙන් තුරන් කළ යුතු ය. ලෝක සාමය වෙනුවෙන්. මේ මුස්ලිම් අන්ත්වාදය සමඟ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය ද යම් පමණකට වෙලී පැට්ලී ඇත්තේ ය.
ReplyDeleteඉස්ලාම් අන්තවාදය ලංකාවේදී නම් "රාජපක්ශලා තමයි ඕවා කරේ" කියන සුදු රෙද්දෙන් වැහුවා කාඩිනල් සහ අනිත් කතෝලික පරයො ටික.
Deleteඉස්ලාම් අන්තවාදය පරද්දන්න ඇත්තටම ඇමරිකාවට උවමනාවක් තිබ්බද? මොකද ISIS එක තනිකරම ඇමරිකන්, ඊශ්‍රායල් නිශ්පාදනයක් කියලයි කියන්නේ. අනිත් එක පහුගිය කාලේ සිරියාව, ඉරාකය, ලෙබනන්, වගේ රටවල ISIS එක එලිපිටම රෙදි නැතුව ඇමරිකාවට කඩේ ගියා. ඇත්තම කතාව අන්තවාදයට විරුද්ධව සටන් කරනවා වගේ පෙන්නලා, ඔය බටහිර රටවල් ඒක වවාගෙන කනවා තිරය පිටිපස්සේ ඉඳන්. ඉස්ලාම් අන්තවාදයයි, ඉස්ලාමයයි කියන්නේ දෙකක් නෙමේ එකක්.
DeleteWHO එකේ ඉන්න පක්කලි හොරු සැප ගන්න මුදල් පාවිච්චි කොරනව මිස කිසිම සේවයක් කොරන්නෙ නෑ. දැන් වසංගත චීනගෙන්ම සල්ලි ඉල්ල ගනිල්ලා.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත අමෙරිකාව විශේෂයෙන් Donald Trump ,George Bush වැනි ජනපතිවරුන් ඉස්ලාම් අන්තවාදයේ තිබෙන ලෝක තර්ජනය අවබෝධ කරගත්තු විශිෂ්ට නායකයන් රුසියාව චිනය කරන්නේ උන්ගේ දේශපාලනය උවමනා කම් වෙනුවෙන් මුස්ලිම් අන්තවාදීන් පාවිච්චි කිරීම.අන්තවාදීන් විසින් පාළනය කරන Afganistan ය සමග චිනය මිත්‍ර වීම හොඳ උදාහරණයක්. UN කියන්නේ බොහෝවිට ත්‍රස්තවාදින් ට දෑන හෝ නොදැන පහසුකම් සපයන ආයතනයක්. අපි LTTE ත්‍රස්ත එය එයාවාදය කාල යේ එය දුටුවා. ගාසා ත්‍රස්තවා දි න් ට un ආවරණ ලැබෙනවා .Donald Trump ජනපති තුමා තමුන්ගේ රටට ආදරේ කෙනෙක් අපේ වාමාංශික woke කොමියුනිස්ට් කාරයන්ට නම් ඔහු බයියේක් උඩින් බොරුවට අමෙරිකාවට මිත්‍ර කම් පෙන්වන ගමන් Lenin ගෙ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන හොරෙන් හොරෙන් කොමියුනිස්ට් රටවල් සමග deal දාන රටවල් වලට Donald ට්‍රම්ප් ගෙ සහාය ලැබෙන්නේ නෑ
ReplyDelete