වනචාරි කතාවෙන් ලාල්ට ලොකු ලෙඩක්.. ICCPR කඩලා..

 


කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම පසුගියදා මිහින්තලය නායක ස්වාමින්වහන්සේ වලවාහැංගුන වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස හදුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමා තරයේ හෙළා දකින බව නාමල් රාජපක්ෂ පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි "කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලටහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම්,නොකළ යුතුය" ලෙස දක්වා ඇති අතර ලාල් කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

නීතිය සැමට සමානනම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවා දැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කලානම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල් කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

8 Comments

  1. කිසිම අවුලක් නෑ නමක් ගමක් කියල නෑනේ..

    අනික වනචාරීයා ජෙප්පෝ බලේට ආවාම මිනීමරනවා කියලා මිනිස්සු බය කරලා තියෙනවා... අනිව තට්ට බඩු කාරයාට බැක් ෆයර් වෙනවා නඩු දැම්මොත්...

    weldone ලාල් කාන්ත

    ReplyDelete
    Replies
    1. ලාල් උඹට මතක හිටින දෙයක් කරලා තියනවා වගේ.

      Delete
  2. වනචාරියාවගේ තට්ට බාස් ලා දබුල්ල වගේ වැදගත් ස්තානයක ආගමික නායකයෙක් ආප්ප බණ කතා කියද්දි..බුදාගමට නිවන් සුව තමා කියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඹටත් එහෙම වේවා

      Delete
  3. ජාතක කතාවලත් ආප්ප කේස් බුද්දාගම තහනම් කරයිද ?

    ReplyDelete
  4. 1. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයකි.
    2. කොමියුනිස්ට්වාදය කිසිදු ආගමක් නො පිළිගනී. එපමණක් නොව කොමියුනිස්වාදයෙන් පිට කිසිදු දර්ශනයක්, දේශපාලන, ආර්ථික, සමාජ් ක්‍රමයක් පිළිගන්නේ නැත.
    කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් මෙසේ කියයි. එනම්:-

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    ජනතා විමුක්ති පෙරමුණ ද කිසිදු ආගමක් පිළිගන්නවා යැයි කියන්නේ නම් එය වංචනික ප්‍රකාශයකි. මාක්ස් ලෙනින්වාදි කොමියුනිස්ට්වාදී පක්ෂ ආගම නො පිළිගන්නා බැවිනි. යම් කාලයකට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ද උපක්‍රමික මෙවලමක් ලෙස පාවිච්චි කරනු ඇත.

    පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්මයන්හි සඳහන් කරයි;

    “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”

    “පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”





    1. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයකි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධන දේශපාලන දහරාව, ජනතා විමුක්ති පෙරමුණ ය. මේ පක්ෂ දෙකේම නායකයා වත්මන් ජනාධිපතිවරයා ය.

    2. කොමියුනිස්ට්වාදය කිසිදු ආගමක් නො පිළිගනී. එපමණක් නොව කොමියුනිස්වාදයෙන් පිට කිසිදු දර්ශනයක්, දේශපාලන, ආර්ථික, සමාජ ක්‍රමයක් නො පිළිගනී.
    කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් මෙසේ කියයි. එනම්:-

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    ජනතා විමුක්ති පෙරමුණ ද කිසිදු ආගමක් පිළිගන්නවා යැයි කියන්නේ නම් එය වංචනික ප්‍රකාශයකි. මාක්ස් ලෙනින්වාදි කොමියුනිස්ට්වාදී පක්ෂ ආගම නො පිළිගන්නා බැවිනි. යම් කාලයකට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ද උපක්‍රමික මෙවලමක් ලෙස පාවිච්චි කරනු ඇත.

    පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්මයන්හි සඳහන් කරයි;

    “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”

    “පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.” යනුවෙනි.

    3. ජවිපෙ තුන්වන් කැරැල්ල සමයේ, කොමියුනිස්ට් ත්‍රස්තවාදීන් විසින් 1989.02.08 දින මහනුවර ශ්‍රී දළදා මන්දිරයට පහර දෙන ලදී. ඒ සිරි දළදා වහන්සේ සහ සිරි දළදා කරඩු සහිත රන් අභරණ පැහැර ගැනීම සඳහා ය. එම පහර දීමේදී මනුෂ්‍යඝාතන, තුවාල කිරීම , පොලිස් හා ආරක්ෂක හමුදාවන්ට හානි කිරීම ආයුධ පැහැර ගැනීම සිදු කෙරෙණි.

    4. " යකඩ මල්ල ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කවර ක‍තා ද? විසි කොරපිය බැද්දට" යන පැරණි සිංහල කියමනකි. ඒ ලෙස කොමියුනිස්ට් පක්ෂයක දේශපාලන නායකයන්ගෙන් හා සාමාජිකයන්ගෙන් සම්බුද්ධ ශාසනයට ගෞරව කරන්නේවත්, ආරක්ෂා කිරීමක්වත් බලාපොරොත්තු නො විය හැක. ඒ කොමියුනිස්ට්වාදයේ මුලයේ හැටි ය.

    මිහින්තලේ නායක ස්වාමින් වහන්සේට "වනචාරියා" යනුවෙන් කොමියුනිස්ට්වාදී පක්ෂයක නායකයෙක්, සාමාජිකයෙන් අපහාස කිරීම, කොමියුනිස්වාදීන්ට නම් අරුම දෙයක් හෝ අපහාසයක් කළාය කියා හෝ පිළිගැනීමක් ඇති වන්නේ නැත. කොමියුනිස්ට්වාදය බිහි වී ඇත්තේ ම සියලු ආගම්වලට විරුද්ධව ය. කොමියුනිස්ට් නො වන සියලු දේශපාලන ක්‍රමවලට විරුද්ධව ය. සියලු කොමියුනිස්ට් නො වන ඉතිහාසයටන්ට, සංස්කෘතීන්ට හා සමාජ ක්‍රමයන්ට විරුද්ධව ය.

    5. කොමියුනිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයෙකු වන ලාල් කාන්ත කෘෂිකර්ම ආමාත්‍යවරයා විසින් කරන ලද, සම්බුද්ධ ශාසන විරෝධී "වනචාරී" ප්‍රකාශය සම්බුද්ධ සාශනය කෙරෙහි කොමියුනිස්ට්වාදීන්ගේ කොමියුනිස්ට් දෘෂ්ටිය සමඟ ඇති සාපේක්ෂ අදහස බව කිව යුතු යුතු ය. එය ම කොමියුනිස්ට්වාදය විසින් සම්බුද්ධ ශාසනය නොරකිනවා පමණක් නොව විනාශ කිරීම ද එකාන්ත බවට පැහැදිලි ඉඟියකි. චේතනාවේ පිළිබිඹුවක් ද වෙනවා ඇත.

    ReplyDelete
  5. Lal is a pig no wonder way he behave like this. They have created this to forget about Harin's issue. Now people are attacking Lal & forgot about home sexual education. This is how they traying to cover up their dirty problems in our country.

    ReplyDelete
  6. ගරු සංගරත්නයට අගෞරව කරන මේ මිනිසුන්ට බලයෙ ඉන්න වෙන්නෙ තව සුලුකාලයයි.
    Reply

    ReplyDelete
Previous Post Next Post