හමුදාවේ ඉහලම තනතුරක සිට විශ්‍රාම ගිය අයෙකු සදහා විශේෂ වාහන අංකයක් ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමකදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු විසින් සිය යටත් සේවිකාවකට සෙසු කාර්ය මණ්ඩලය ඉදිරියේ අශෝභන ලෙස පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.
මෙලෙස රාජ්‍ය නිලධාරීන්ගේ ආත්මගරුත්වය කෙලෙසෙන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් සේවකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
වාහන ලියාපදිංචිය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අංශ රැසක පවතින සේවක හිඟය ඇතුළු මූලික අවශ්‍යතා ලිඛිතව ඉදිරිපත් කර මාස කිහිපයක් ගත වුවද, පාලනාධිකාරිය ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව පැවසේ.
මේ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් නිකුත් කිරීම ප්‍රමාද වී ඇත.
දෛනිකව වාහන 2,500ක් පමණ ලියාපදිංචි කරන අංශයේ දත්ත ඇතුළත් කිරීමේ නිලධාරීන්ගේ හිඟයක් පවතී.
පවතින සේවක හිඟයට පිළියම් ලෙස සති අන්තයේ සේවකයන් යෙදවුවද, එය සාර්ථක විසඳුමක් වී නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
දෙපාර්තමේන්තුවේ පවතින මෙම අකාර්යක්ෂමතාවය හේතුවෙන් දෛනිකව සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාව අපහසුතාවයට පත්වන අතර, එහි දෝෂාරෝපණය රජය වෙත එල්ල වෙමින් පවතී.

Computerise places like land registry and reassigne the excess staff to required places for better efficiency.
ReplyDeleteComputerise places like land registry and reassigne the excess staff to required places for better efficiency.
ReplyDelete