හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලද වාහන 68ක ලියාපදිංචි අංක ලබා දීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත යටතේ කළ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිදහස් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින්, 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දුන් වාහනවලට අදාළ විස්තර ඉල්ලා මෙම තොරතුරු ඉල්ලුම්පත්‍රය යොමු කර තිබුණි.
එහිදී ඔහු විශේෂයෙන්ම ඉහත කී වාහන 68හි ලියාපදිංචි අංක ඉල්ලා සිට ඇත.
ප්‍රතික්ෂේප කිරීමට හේතුව 2026 ජනවාරි 02 දිනැති ලිපියක් මගින් දන්වා සිටියේ අදාළ තොරතුරු ලබා දිය නොහැකි බවයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) වගන්තිය ප්‍රකාරව, ඉල්ලා ඇති තොරතුරු පුද්ගලික තොරතුරු ගණයට වැටෙන බැවින් ඒවා අනාවරණය කළ නොහැකි බව එම ලිපියේ සඳහන් වේ.
මාධ්‍යවේදියාගේ අදහස මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදී හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මාස කිහිපයක උත්සාහයකින් පසුව තොරතුරු පනත යටතේ ඇතැම් දත්ත තමන් වෙත ලැබුණු නමුත්, අදාළ වාහන 68හි ලියාපදිංචි අංක පිළිබඳ තොරතුරු ලබා දීම බලධාරීන් මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වපරයා නටපු නාඩගමක්
ReplyDeleteපුන රුදාව..
ReplyDelete