ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බවත්, සංචාරක පැමිණීම් හා විදේශ ප්‍රේෂණ හරහා මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 11ක ඒකාබද්ධ ආදායමක් ලැබී ඇති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2.36ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2කි.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ඉක්මවා ගොස් ඇත.
මෙම අංශ දෙකෙහිම දායකත්වය ඩොලර් බිලියන 11ක් වන අතර, එය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කළ මූලෝපායික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආයතනික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්රකාශනය මගින් අපේක්ෂිත ජාතික දැක්ම සාක්ෂාත් කර ගැනීමට රජය කැපවී සිටින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
තවද, ශ්‍රී ලංකාවේ ගෝලීය ප්‍රතිරූපය ශක්තිමත් කිරීමට සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණය අත්‍යවශ්‍ය බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය හරහා වෙළෙඳ, ආයෝජන සහ නවෝත්පාදන අංශයන්හි ශ්‍රී ලංකාවේ ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාටද? ලංකාවට නම් නෙවෙයි
ReplyDeleteExcellent. Keep it up.
ReplyDeleteBaila gahanna epa bn. 2019 covid valata kalin thibba gana thamai oka. anith rataval valath ohoma thamai. vidhesha preshana tikaka vadi vela athi mokada 2022 passe godak aya pita rataval valata giya nisa. ubala karapu magulk na. oya vage baila gahala idala thamai mokak hari loku ekak unama anith eunge pitin dhanne.
ReplyDeleteThaama rata aarthika arbuden goda gihin na. Goda yanna thiyapu target hodatama madi. Touristsla aapu pramanayata income eka thaama adui. Moo uda paninava. Munta thaama therenne nadda manda.
ReplyDeleteඔය ඩොලර් බිලියන් 11 ම රජයේ ආදායමක් නොවේ. විදේශීය ප්‍රේෂණ තම නෑදෑයින්ට එවපු මුදල්. ආණ්ඩුව රුපියල් අච්චු ගහලා දීලා ඒ්වා ඇරං උද්ධමනය නග්ගනවා. සංචාරකයොත් සල්ලි නිකං දෙන්නේ නෑ. රජය ආදායමක් ඉපැයූවොත් විතරයි ආර්ථිකය ශක්තිමත් වෙන්නේ.
ReplyDeleteForeigners have been coming to Sri lanka since 1505, you sucker. Do not just rely on tourism you dikchead.
ReplyDeleteපැලවත්තට. මුන් හම්බ කරනව හම්බ කෙරිල්ලක් හීක් ගෑවෙන්න..ලෝක දනවත්තූ වෙලා නවතින්නෙ පාපිසි 160.
ReplyDelete