2026.02.13 දින සවස තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රථගාලක මෝටර් රථයක් තුල සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා යෑම සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතු අරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදුකරමින් පවතින විමර්ශන වලට අනුව අනාවරණය වේ.
මෙම සිදුවීම සිදු වූ 2026.02.13 දින සවස් කාලයේ මෙම මාර්ග වල ගමන් ගත් රථවාහන වල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැක.
ඒ අනුව 2026.02.13 දින සවස් කාලයේ ඉහත ප්‍රදේශ වල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත් ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම් නම් නොපමාව ඒ බව පහතදුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මෙම තොරතුරුවල පූර්ණ රහසිගත භාවය සුරකින බව ද ශ්‍රී ලංකා පොලිසිය වැඩි දුරටත් දන්වා සිටිනු ලැබේ.
දුරකථන අංක -
නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව - 071 8598008
අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය - 071 8592279

පොඩි හනුමාන් ගෙන් ඇහුව නං කියයි.
ReplyDelete