2030දී අපනයන ආදායම ඩොලර් බිලියන 36 කරනවා..- ඇමති හදුන්

 


2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 33 වන "NCE අපනයන සම්මාන උළෙල - 2025" සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2025 වසරේදී ඩොලර් බිලියන 17.2 ක ඉහළම අපනයන ආදායම උපයා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

"ණය නැති, විදේශවලට ගැති නොවන, ස්වාධීනත්වය හා අනන්‍යතාවය රැකගත් ශක්තිමත් දේශීය ආර්ථිකයක්" ගොඩනැගීම රජයේ අරමුණ බවද ඒ මහතා පැවසීය.

2 Comments

  1. මහන්සි වෙලා හොරකම් නොකර වැඩ කළොත් බැරි දෙයක් නෑ

    ReplyDelete
  2. කරලා ඉවරවෙලා කයිය ගහපන් ඛිග් කුචිචමෝ.

    ReplyDelete
Previous Post Next Post