2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 33 වන "NCE අපනයන සම්මාන උළෙල - 2025" සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2025 වසරේදී ඩොලර් බිලියන 17.2 ක ඉහළම අපනයන ආදායම උපයා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.
"ණය නැති, විදේශවලට ගැති නොවන, ස්වාධීනත්වය හා අනන්‍යතාවය රැකගත් ශක්තිමත් දේශීය ආර්ථිකයක්" ගොඩනැගීම රජයේ අරමුණ බවද ඒ මහතා පැවසීය.

මහන්සි වෙලා හොරකම් නොකර වැඩ කළොත් බැරි දෙයක් නෑ
ReplyDeleteකරලා ඉවරවෙලා කයිය ගහපන් ඛිග් කුචිචමෝ.
ReplyDeleteඉස්සර නං සුද්ද කරලනේ කයිය ගැහුවෙ.
Deleteඒ වගේද?
ඉස්සර කයිය ගහපු එවුන් වැඩ කරා. අද කයිය ගහන එවුන් නානවා, නානවා, ඒත් ගඳේ බැරුවා.
Deleteඔව් ඉතිං ඒ කාලේ ලොකු වැඩ කලා. රුපියල් සීයෙ වැඩේ කරන ගමන් පිටිපස්සෙන් එකසිය පනහක් සාක්කුවේ දා ගෙන. උඹල මහ ලොකුවට හම්බ කරන්නෙ නැති නිසා දන්නෙ නැතුව ඇති. ඒත් රස්සාවල් කරන මිනිස්සුන්ගෙන් tax ගහන්නෙ ඒ ගාන හොයන්න. ප්ලේන් එන්නැති එයාපෝට්, අලි ඉන්න ග්‍රවුන්ඩ්, මැස්සෝ විතරක් ඉන්න සම්මන්ත්රණ ශාලා. පට්ට ලොකු වැඩ බං.
Delete