ආපදාවෙන් විපතට පත් මලයග කදුකර ජනතාවගේ හා පවුල් සාමාජිකයන්ගේ මෙන්ම පාසල් දරුවන්ගේ කිසිදු අවශ්‍යතාවයක් ඉටු නොකර රැදැල්ලට ඇවිත් මාධ්‍ය සංදර්ශනයක් දැම්ම බව වසන්ත මුදලිගේ රජයට චෝදනා කරයි.
ඔහු මේ බව කියා සිටියේ ද්විත්වා සුළි කුණාටුවෙන් උපතට පත් මලේ කඳුකර ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳමු මැයෙන් නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වැඩිදුර අදහස් දැක්වූ ඔහු මෙසේද කීය..
රදැල්ලට ගිය ජනාධිපතිවරයාට අමතක වුණා වතුකර ජනතාව අසීරුතාවයට පත්ව සිටින රාගල කඳපොළ එස්කඩේල් වත්තට සෙන්ජෝන්ස් වත්තට කොන්කෝඩියා වත්තට යන්න එහි ජනතාවට තවමත් සෙතක් වෙලා නැහැ බහුතරයක් ජනතාව ඉන්නේ තවමත් කඳවුරුවල.
ඒ වගේම වලපනේ පැත්තේ හරස් පැද්ද සහ වතුමුල්ල ප්‍රදේශවල ජනතාවත් ඉතාමත් දුෂ්කරතාවලින් තමයි ජීවත් වෙන්නේ.
කුලියට නිවාස් අරගෙන ඉන්න කිව්වට කුලී ගෙවන්න මුදල් දෙන්න ක්‍රමවේදයක් තවම රජයෙන් හදල නැහැ.
පාසල් දරුවන්ට පාසල් යන්න විදිහක් තාම හදලා දීලා නැහැ.
මාධ්‍යයෙන් කියන විදිහට රටම හිතාගෙන ඉන්නේ කෝටියකින් ගෙයක් හදාගෙන නැත්නම් ලක්ෂ පණහකින් ඉඩමක් අරගෙන ලක්ෂ 25කින් කැඩිච්චගේ හදාගෙන ඉන්න ජනතාවක් තමයි නුවරඑළියේ ඉන්නේ කියලා.
තවමත් ඒ කිසි දෙයක් ඉටුවෙලා නැති ජනතා පිරිසක් තමයි වතුකර ප්‍රදේශීයේ ජීවත් වෙන්නේ.
නුවරඑළිය විතරක් නෙමෙයි මාතලේත් මේ තත්ත්වෙ තියෙනවා.
මේ ජනතාවට සෙතක් කරන්න විපක්ෂයෙනුත් කිසිදු හඬක් නැහැ ඔවුන්ට තියෙන ප්‍රශ්න අගමැතිතුමියගේ ඇඳුම ජනාධිපතිගෙ බොත්තම සහ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද බැරිද කියන ලාමක ප්‍රශ්න විතරයි.
රජයක් හැටියට ජනතාවට විසඳුමක් දෙන්න කටයුතු කිරීමට අපි බලකරනවා වගේම විපක්ෂයක් හැටියටත් රජයට බලපෑම් කරන්න පුළුවන් තත්වයක් ඇති විය යුතු බව ඔහුපැවසිය.
- ආර්.එෆ්.එම්.සුහෙල්

Anduwa genna boru kiwwa kade giya ,a eunta mata thama MP na . Director na adumgane executive grade wath na hama nathnam meyage atath na
ReplyDeleteතොපි නේද උඩ පැනපන මුන්ව ගෙනාවේ
ReplyDeleteමේ බෙරිහන් දුන්නට ඇතුලෙන් මුන් එකතුයි. ඒකනේ දැන් උද්ගෝෂනයක් වත් කරන්නෙ නැත්තෙ. වෙන ආන්ඩුවක් උනා නම් රෙද්ද කරේ තියාගෙන මේ වෙනකොටත් කොටුවෙ පදිංචි වෙලා.
Deleteහොද වැඩේ උඩ දාගෙන ගෙනාවට ජෙප්පො රැට්ටො පෙරැට්ටො ඔක්කොම එකයි
ReplyDeleteජෙප්පො, පෙරැට්ටො, අරගල සංධාන ඔක්කොම එකම සෙට් එක බව අපි දන්නව හලෝ.
ReplyDeleteඋඹලා නිකන් බිරුවට ජවිපෙ උන්ව හපන්නේ නෑ කියලත් අපි දන්නව.
නිකන් විරුද්ධ බව පෙන්නන්න මාස 4කට වතාවක් මාධ්‍ය සාකච්ඡාවක් තියනව.
Veddo made a big contribution to bring them to the power
ReplyDeleteVedda , vedda vidihata hitiyoth thamai unge rahe evunta nambu
""ද්විත්වා සුළි කුණාටුවෙන් උපතට පත් මලේ කඳුකර ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳමු""
ReplyDeleteඅනේ උඹල කරන විසඳිල්ල
තව කයියෙක්