පසුගිය දින කිහිපය පුරා වෙළඳපොළේ පැවති දැඩි ගෑස් හිඟයට විසඳුම් ලබා දෙමින් හෙට (28) දිනයේ සිට ලාෆ් (Laugfs) ගෑස් බෙදාහැරීමේ කටයුතු යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.
රට පුරා ලාෆ් ගෑස් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින්, සැපයුම් ජාලය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව සමාගම් පාලනාධිකාරිය සඳහන් කළේය.
ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් සමාගම ප්‍රකාශ කළේ ලබන මාසය තුළදී ගෑස් රැගත් නෞකා හතරක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
මෙමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන අඛණ්ඩ සැපයුමක් ඉදිරියේදී සහතික කළ හැකි වනු ඇතැයි ද ඔවුහු විශ්වාසය පළ කරති.
මේ අතර, ලිට්‍රෝ (Litro) ගෑස් පසුගිය කාලසීමාවේ ඇති වූ පෝලිම් නිමා කරමින්, ගෑස් හිඟය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව වෙළඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.
