ලක්‍ෂ 96ක් වැය කර කොස් කඩ 21ක් අරී..


"Clean Sri Lanka" ජාතික වැඩසටහනට පණ පොවමින් සංවිධානය කළ “Dimbulgamuwa Jack & Chill” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නවීන කොස් අලෙවි කුටි 21ක් විවෘත කිරීම ඊයේ (23) දින සිදු විය. 

ඒ අනුව, දිඹුල්ගමුව ප්‍රදේශයේ කොස් අලෙවිකරුවන්ට වඩාත් විධිමත් මෙන්ම සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිය වෙළඳ කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ.

A9 ප්‍රධාන මාර්ගය අසල, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අරඹන ලද ව්‍යාපෘතියේ මුළු ආයෝජනය රුපියල් මිලියන 9.6 කි. 

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සුරතින් මෙම අලෙවි කුටි ජනතා අයිතියට පත් කෙරුණි. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත සහ සුනිල් බියන්විල යන මහත්වරුන් ද, පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත මහතා ද විය. 

තවද, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මෙනවිය, මාතලේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතා සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.



10 Comments

  1. සිිනි කඩෙන් ලැබුණු ලාභයෙන් බාල ගගල්අඟුරු වල මුළු මුදලම පොලිත් එක්ක ගෙව්වා , කොස්කිරලා හරිනි මොකෙක් ගනිිද දන්නෙ නෑ

    ReplyDelete
  2. ජැක්-ජිල් කියලා දාපන් බන් ... ලෝක විහිලු

    ReplyDelete
  3. Ahe katu aninawa wage…🎶🎵

    ReplyDelete
  4. 'කො' යන්න වෙනුවට 'කි' යන්න දාල ඇරිය නං ආං මරු.

    ReplyDelete
    Replies
    1. කොස් අවාරෙටත් බිස්නස්.

      Delete
  5. ඉතින් ඕක ඕන පොළක වෙන දෙයක්නේ. දැන් කොස් ආච්චිට කෙලින්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. පොළේ ලක්ෂ 97ක් වැය කරලා මෙහෙම පෙට්ටි කඩ හදන්න බැහැනෙ.

      Delete
  6. එක කඩේකට ලක්ෂ 5කට ආසන්නව වියදම් කරලා. මේ තහඩු කඩ හදන්න කොන්ත්‍රාත් ගත්ත එකා ලබන මාසෙ මොනවගේ කාර් එකක් ලංකාවට බස්සයි ද දන්නේ නැහැ. ඇමතිටත් පුනරුදේ ඇති මේ වගේ ප්‍රොජෙක්ට්වලින්.

    ReplyDelete
Previous Post Next Post