එදා හෝඩි පොතේ සල් ගස යට නයනා අද ගුරුවරියක්.. අමර බස් කොන්දොස්තර කෙනෙක්...- ඇමති සෙනෙවි

 


අධ්‍යාපන පද්ධතියේ සිදුවිය යුතු පරිවර්තනය කිසිසේත් නතර නොකරන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමැති සූර්යයා තමන් අනිවාර්යයෙන්ම උදා කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

මෑතකදී හෝඩි පොතක පින්තූර කිහිපයක විස්තර කැප්ෂන් මාරු වීම වැනි සුළු සිදුවීම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතර කිරීමට හේතුවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

අතීත හෝඩි පොත්වල අපට හමු වූ නයනා සහ අමර වැනි චරිත ඇසුරින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඇති පරතරය පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ විස්තරයක් කළේය.

එදා හෝඩි පොතේ සිටි නයනා අද වන විට ගුරුවරියක වී බස් රථයකින් පාසලට යන බවත්, එහිදී ඇයට මුණගැසෙන කොන්දොස්තරවරයා එදා ඇය සමඟ සල් ගස මුලදී හමු වූ අමර බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එදා සල් මල් කඩන්නට ගොස් වැටීමෙන් නළලේ ඇති වූ කැලල මගින් නයනා එම සහෝදරයාව හඳුනා ගන්නා ආකාරයත්, තවත් පිරිසක් මහ බැංකුව වැනි තැන්වල සිදුවූ අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇති ආකාරයත් ඔහු උදාහරණ ලෙස දැක්වීය.

අධ්‍යාපනය විසින් දායාද කර ඇති මෙම සමාජීය පරතරය සහ අධ්‍යාපන පද්ධතියේ ඇති වී තිබෙන "පිලල" නිවැරදිව හඳුනාගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

කොතරම් බාධක පැමිණියත් අධ්‍යාපන පරිවර්තනය සිදු කරන බවත්, අතීතයේ මතකයන් සමඟ වර්තමාන අධ්‍යාපනය නව මාවතකට යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

10 Comments

  1. එදා කෝච්චියේ ටොෆී සිගරැට් වික්ක ලපයා අද ජනපති පුටුවේ කියල මේ පල්ලි කාක්කා දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නෙ නැද්ද. මේකා එදා පොත් හොරෙක්. අද ඇමතියෙක්. මනුස්සයෙක් ලියපු පොතක් හොරෙන් ප්‍රින්ට් කරලා අධිකරනෙනුත් වැරදිකරු වුන හොර තක්කඩියෙක් මේ. බුද්ධසාසන ඇමති වෙච්ච පළවෙනි ක‍තෝලික තක්කඩියා.

      Delete
    2. මුන් තමා හිනිදුම කල්වාරිය හදල තියෙන්නෙ.

      Delete
  2. People who voted for these stupid hand must be dying of shame.

    ReplyDelete
  3. පොල්පිති 159 ම අධ්‍යාපන විශේෂඥයෝ වගේ තමයි හැසිරෙන්නෙ.

    ReplyDelete
  4. එදා ගස්යට නයනා අද නාලාන්දේ ටීටර් වෙලා අමරේ පංතියේ මොනිටර් වුනානම් මක් වෙයිද?

    ReplyDelete
  5. නිව් සිලබස් එක.February 8, 2026 at 1:49 AM

    නයනා එන්න ආප්පයක් හදමු. අමර කතානායක එක්ක ගලක් .......
    ඕවද මිනිස්සු ඉල්ලපු වෙනස? අනේ ඉතින් රටකට ගිය කලක්.
    හැබැයි ඡන්දෙ දීපු උන්ටත් දැන් හෙන ගහල තියෙන්නෙ. ඇතිනේ උඩ දාගෙන ගිහින් දුන්නා.

    ReplyDelete
  6. මේකා ආගමික අන්තවාදියෙක්...මේකාව පත් කලේ කොටි ඩයස්පෝරාව මොකද උන් දන්නවා මේකා තමා හොදටම ගෑලපෙන්නේ ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න කියලා..

    ReplyDelete
  7. පාහර බල්ලා 🤮😡

    ReplyDelete
  8. පාහර බල්ලන්ගෙ තියෙන අහංකාරකම.

    ReplyDelete
Previous Post Next Post