ධීවර ගැටළුව ඇතිවුනේ විපක්‍ෂයේ වරදින්..- නි. ඇමති

 


මාදැල් ධීවර කර්මාන්තය සඳහා විද්‍යාත්මක පදනමකින් තොරව ටැක්ටර් සහ විංචි (Winches) භාවිත කිරීමට අවසර දීම හරහා මෙරට සාගර පද්ධතියට සහ කොරල්පර වලට දැවැන්ත විනාශයක් සිදුව ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ 2015 යහපාලන රජය සමයේ එවකට සිටි ධීවර අමාත්‍යවරුන් විසින් කිසිදු විද්‍යාත්මක නිර්දේශයකින් තොරව මාදැල් ඇදීම සඳහා ටැක්ටර් සහ විංචි භාවිත කිරීමට අවසර ලබා දී ඇති බවයි. 

මෙලෙස යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් කිලෝමීටර් 4-5ක් වැනි විශාල දුරක සිට මාදැල් ඇදීමේදී, දැල මුහුදු පතුලේ රැඳවීමට යොදන අධික බර හේතුවෙන් සාගර පතුල හෑරීමට ලක්වන බවත්, මෙය වක්‍රව 'බොටම් ට්‍රෝලින්' ක්‍රමයට සමාන විනාශයක් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් සාගර පතුලේ ඇති කොරල්පර, මුහුදු පැළෑටි සහ මත්ස්‍ය බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවත්, මෙය තිරසර ධීවර කර්මාන්තයකට දැඩි තර්ජනයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ධීවර අමාත්‍යවරුන් මෙම විනාශකාරී තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තොරව ධීවරයන් නොමඟ යවන බවටද ඔහු චෝදනා කළේය. 

"මාදැල් කර්මාන්තය යනු මෙරට ධීවර සංස්කෘතියේ අධ්‍යාත්මික බැඳීමක් සහිත කර්මාන්තයක්. 'හෝ හෙලෙයියා' හඬින් ඇරඹුණු ඒ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධනයක් කරා අප යා යුතුයි" යනුවෙන්ද ඔහු පැවසීය.

පරිසරවේදීන් පවා මෙම ටැක්ටර් භාවිතය අහිතකර බව පෙන්වා දී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ලබන 27 වනදායින් පසුව ධීවරයන් සමඟ සාකච්ඡා කර පරිසරයත්, ධීවරයාත් ආරක්ෂා වන ස්ථිර විසඳුමකට එළඹීමට රජය සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.

6 Comments

  1. me wage buuruwo thamai me anduwe karanne.

    ReplyDelete
    Replies
    1. බූරුවන්ගේ ආණ්ඩුව!

      Delete
    2. Ithin Uba kiyapanko technically meka harida waradida kiyala..Boruwata comment danne nathuwa..Maha loku pandithayo ewunata danna deyak na..Problem eka study karaka comment karapan ..lori talk denne nathuwa

      Delete
  2. ඈ ගොනෝ උඹේ ගෑණිට ලමයි හම්භවුනෙත් විපක්ෂයේ වරදින්ද?

    ReplyDelete
  3. 2015 ආණ්ඩුවෙ ජෙප්පද්දො හිටියේ නැතෙයි?

    ReplyDelete
  4. Kauda dannena 2015 andu hadanna kade giye neda mahaththayo.anura kumara a kale hitiye araliyagaha manidire ranilge odokkuwene anandna vijjepalath ekka.dennage office eka thibbe araliyagaha mandire athulene.dushana mardana kamituwa kiyala ekak hadagena.ethakota owa nawathth ganna thibbane hariyata job eka kalanam.laksha ganan padith gaththane.dan awith baila gahanawa.gihin anuragena hauwoth mokada a kale owa dakke nadda kiyala.owata awasara deddi yahapalana anduwa.

    ReplyDelete
Previous Post Next Post