මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් අලුතෙන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවත් ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
අමාත්‍ය අබයරත්න මහතා මේ බව පැවසූයේ රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමිනි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ දැනට පවතින නීති -රීති හා රෙගුලාසි වත්මන් ඩිජිටල් යුගයට ගැලපෙන සේ යාවත්කාලී කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන භාරය (Public Trust) තහවුරු කරමින් මහජන හිතකාමී සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙසේ ද පැවසී ය.
ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.
අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ. ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා.
අපි දන්නවා ලංකාවේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියල්ලෝම නිදහසින් පසුව පසුගිය 2024 දී නව ගමනක් මේ රටට අවශ්‍යයි කියලා තීරණය කළා. ඒක දේශපාලන සංස්කෘතියට අදාළව වෙන්න පුළුවන්, ආර්ථික ක්‍රියාවලියට අදාළව වෙන්න පුළුවන්, ජාතියක සමගියට අදාළව වෙන්න පුළුවන්, අනාගත ලෝකයට නව ප්‍රවේශයකින් අපේ රට මුහුණ දීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එබඳු සියලු යහපත් අරමුණු සහිතව මේ රටේ පුරවැසියන් නව දේශපාලන ප්‍රවේශයක් ආරම්භ කළා. ඒ නව ප්‍රවේශයට ගැළපෙන විදිහට ඒ නව ප්‍රවේශය වඩාත් ශක්තිමත් වීම සඳහා තමයි අපි මේ අද අද කතා කරන විෂය ක්ෂේත්‍රය ඇතුළු දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන තත්ත්වය අපි හඳුනාගත්තේ.
ලෝකයේ ඕනෑම කාලයක තිබුණු පැරැණි නීති සම්ප්‍රදායන් වෙනස් කරලා අලුත් නීති නීති සම්ප්‍රදායන් හඳුන්වාදීම සිද්ධ වුණේම නව ප්‍රවේශයකින් නව අවස්ථාවක් දැඩි ලෙස දැනුණු හැමෝම පිළිගත්ත වකවානුවලදි. මට හිතෙන්නේ අපි ජීවත්වන මේ වකවානුවත් අපේ රටේ ඉතිහාසයේ එහෙම සුවිශේෂී වකවානුවක්. අපේ රට ඉදිරියට යන්නේ කොහොමද? මේ රටේ අනාගතය ගොඩ නගන්නේ කොහොමද? අනාගත දූ පුතුන්ට අනාගත පුරවැසියන්ට වඩාත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද?... සරලව කිව්වොත් අපේ ජීවිත කාලය තුළ තුළ අපි අපි හැමෝම අත්විඳපු අමිහිරි, කටුක අත්දැකීම අනාගත පරපුරට අත්විඳින්න නොදී ඔවුන්ට අනාගතය කරා ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මේ ක්‍රියාවලියේ මූලික වුවමනාව හැටියට අපි දකිනවා. ඒ නිසා මේක යුගයේ අවශ්‍යතාවක් කාලීන අවශ්‍යතාවක්. ඒ කාලීන අවශ්‍යතා අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා අපට උදව් කරන විවිධ පාර්ශ්ව සිටිනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විශේෂ නියෝජිතවරිය ඇතුළු කාර්ය මණ්ඩලයට, අධිකරණ ඇමතිතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එම අමාත්‍යාංශයට සහ මෙම අවස්ථාව සංවිධානය කළ අප අමාත්‍යාංශයට හා විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරමින් සැසියට සහභාගී වූ සියලු ම නිලධාරීන්ට.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මරීනා ටෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ අන්තර්කරණ පාලන කණ්ඩායමේ ප්‍රධානී චන්ද්‍රිකා කරුණාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිණී දිසානායක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවින්ද්‍ර පතිරණගේ, විශ්‍රාම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නීති කටයුතු අංශයේ අධ්‍යක්ෂ ඒ. කේ. ඩී.ඩී. ඩී අරන්දර යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන් ම රජයේ විවිධ ආයතනවල මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටිය හ.

Rata ta ona vidi ya ta da ? Indian jada yan ta ona vidiya ta da ?
ReplyDeleteIndian n American way .......... + Kangaroo law of Jeppo ....
DeleteMun wa an dala Jada Midi ya Lanka we in na Garment Owners la India wa ta gen na gan na wa
ReplyDeleteMun nidi Munge Awrudu 5 rata ta kara na vinase LTTE un wath kare ne
පළමුව ඔය අමාත්‍යාංශයේ ඉන්න උසස් කියලා ඉන්න හොර සෙට් එක හිතන විදිහ වෙනස් කරන්න, වෙනත් සේවා වල අයට කුඩම්මාගේ සැලකිලි දාන ගමන් දොස්තර වැඩ ඉංජිනේරු වැඩ අර වැඩ මේ වැඩ කරන්න දගලනවා විෂයය දන්නේ නැතිව, විෂය දැනුම ඇති අයට ඉහලට එන්න දෙන්නේ නැත්තේ බයටද, රට පහලට අදින්නද, අදුර දුර ලන්න ආලෝකය අවශ්‍ය නමුත් ආලෝකය විරුද්ධ නම් සහ මොලය නැත්නම් සහ ඇමැතිවරුන් පවා නොමග යවනවා නම් කවර කතාද? 76 වසරක් ම රට කාපු සේවාවට තව දුරටත් යටත් වෙනවාද?
ReplyDeleteWhy we still believe on SLAS, They are blood sucking personals and not professionals, Think all citizen under there foot, this is big reason of country not going forward or progressing
ReplyDeleteOur people don't understand what these communists' are trying to do .They are trying to bring in outside people like jvp carders to top positions of the government in the name of change .
ReplyDelete