මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතුයි..- අගමැතිනි

 මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන ආකල්පය වෙනස් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) සියවස් සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම විද්‍යායතන ශ්‍රවණාගාරයේදී මේ බව සඳහන් කළාය.

​උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනය සහ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

​සමරු උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ වසර සියයක් පුරා විද්‍යායතනය සිදු කළ කැපවීම අගය කරන අතරම, ඉදිරියේදී ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

​"මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු හුදෙක් වෛද්‍ය ප්‍රතිකාරවලින් පමණක් සීමා කළ හැක්කක් නොවේ. බාහිර ක්ෂේත්‍ර ගණනාවක් ඒකාබද්ධ කරගනිමින් වඩාත් පුළුල් හා මානුෂීය ප්‍රතිකාර ක්‍රමවේදයක් අප ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සේවා ලාභීන් දෙස සමාජය බලන වැරදි ආකල්ප වෙනස් කිරීමේ වගකීමක් අප සතුයි."

​රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන සුවිශේෂී කැපකිරීම් අගය කළ අග්‍රාමාත්‍යවරිය, රෝගීන් කෙරෙහි වඩාත් සංවේදීව කටයුතු කිරීමේ වටිනාකම ද පෙන්වා දුන්නාය.

​මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජීමුණි මහතා සුවිශේෂී කරුණක් අනාවරණය කළේය. එනම්, වසර සියයකට වඩා පැරණි මෙරට මානසික සෞඛ්‍ය පනත වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

​මූලික කෙටුම්පත දැනටමත් අදාළ ආයතන වෙත සහ කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් යොමු කර ඇති අතර ඉදිරියේදී මෙම පනත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට ද නියමිතය.

නව පනත තුළින් නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද නීති පද්ධතියට ඇතුළත් කරමින් රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

​​මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, වෛද්‍යවරුන්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ.


6 Comments

  1. විකෘති මානසිකත්වයෙන් පෙලෙන අනුර, හරිනි ඇතුලු කතානායකට මුලින්ම බෙහෙත් කල යුතුයි.

    ReplyDelete
  2. උඹ බෙහෙත් ගනිං.. පිස්සු කාම ධේනු ආප්ප වෙසි. තොගෙ අහවල් එකට කොක්කක් දාල එල්ලල ගහන්න ඕනෙ මහ පාරෙ ප්‍රසිද්ධියෙ. පොඩි කිරිසප්පයන්ගෙ ඔලු වලට වනචරකං උගන්නන්න ආව මෙතන.. තුක්...

    ReplyDelete
  3. මානසික සෞඛ්‍ය ප්‍රතිකාර අවශ්‍ය මුන්දෑලාවගේ මනෝවිකුර්තුයෙන් ඉන්න අයටයි.

    ReplyDelete
  4. ආප්ප වේසි 🤮🤮🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙන, කාලකණ්නි ජේ.වී.පී. වහන්තරා මාලිමෑවේ පාහර බැල්ලි 🤮😡 තොපි කරපු, කරන මහා පාප කර්ම වල විපාක වැඩි ඈතක නෑ. මරු කියවපියව් පාහර හැත්ත 🤮🤮🤮

    ReplyDelete
  5. මුලින්ම විකෘති මානසිකත්වයක් ඇති ඔබතුමියම ප්‍රතිකාර ගත්තනම් රටටම හොඳයි.

    ReplyDelete
  6. Are you suggesting that one who needs medical treatment first go to the JVP/NPP committee in the neighborhood? very nice. Troubles will double Tripple if one has to listen those Gankabarayas

    ReplyDelete
Previous Post Next Post