ව
රජය විසින් මෙරටට ගෙන්වන ලද දහවන ගල් අඟුරු නෞකාව ද ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
පද්ධති පාලන ඒකකයේ, විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ වාර්තා අනුව නව වැනි නෞකාව මෙන්ම දහවන නෞකාවෙන් ද මෙරටට ගෙනවිත් ඇත්තේ බාල ගල් අඟුරු බව ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදන පද්ධතියේ බරපතල අර්බුදයක් මතුව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මෙගාවොට් 300 බැගින් නිපදවිය යුතු නොරොච්චෝල බලාගාරයේ ඒකකයන්හි නිෂ්පාදන ධාරිතාව බාල ගල් අඟුරු භාවිතය නිසා පහත වැටී ඇති බව පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකානු ගල් අඟුරු භාවිතා කරන පළමු ඒකකයෙන් නිපදවනු ලබන්නේ මෙගාවොට් 263ක් පමණක් බවත්, තෙවන ඒකකයෙන් නිපදවනු ලබන්නේ මෙගාවොට් 275ක් පමණක් බවත්ය.
කෙසේ වෙතත්, මීට පෙර ගෙන්වන ලද රුසියානු ගල් අඟුරු භාවිතා කරන දෙවන ඒකකය තවමත් නියමිත ධාරිතාව වන මෙගාවොට් 300ම නිපදවන බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ හරහා මෙරටට ගෙන්වා ඇති දකුණු අප්‍රිකානු ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම හරහා මෙගාවොට් 60කට ආසන්න හිඟයක් පද්ධතිය තුළ නිර්මාණය වන බවත්, එමගින් ජනතාව පීඩාවට පත් කරමින් නැවත වරක් ඉන්ධන මාෆියාවට වාසි සැලසෙන "හදිසි මිලදී ගැනීම්" සඳහා රජය යොමු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගික ජනතාව මෙලෙස වංචාවට හා අසාධාරණයට ලක් කිරීම රජය පොරොන්දු වූ "වෙනස" දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
වගකිව යුතු විපක්ෂයක් ලෙස රටේ බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවෙන් තමන් දිගින් දිගටම මෙම වංචාව හෙළිදරව් කරන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය

උඹලා ගල් අඟුරු ගල් අඟුරු ගගා ඉඳපන්. මුං ගෝඨාභය හිරේ දාල තමයි නවතින්නේ. පුළුවං නං ඒ වෙනුවෙන් හඬක් නැගපං!!
ReplyDeleteYes, that is true. The government is working on Tamil diaspora agenda.
Delete
ReplyDelete1. Ditta failed -No preparation finally played overnight drama to save people and with promises of ungiven millions
2. Grade 6 books printing calling a new sylabus -Tried to introduce homosexual website, none arrested
3.Containers with drugs -released drugs with an artificial back log
4. History removed-Diaspora agenda
5. AKD & LAL- hate speeches against sinhalese and religeon
6. Trinco Incident- No actions while police beats monks for no reasons, arrrested for one month
7. .Coal deal-Millions lost after let bidding black listed companies
8. Major Uluthanna arrested- Fabricated story to please diaspora
9.Ranwala nadagama- no Baloons to check alochol test
10.Ganja police incident- Finally happened to reinstate the police officer
11.Saley arrest-to please diaspora and Logus