වෛද්‍යමය සැත්කම් හරහා පුද්ගලයෙකුට තමා කැමති පරිදි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් රජය නිකුත් කර ඇති නීති රීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් හිටපු සහ වත්මන් රාජ්‍ය නායකයින් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලුණු අතර, ලබන ජූලි මස 20 වන දා පෙත්සම නැවත කැඳවීමට නියමිතය.
පෙත්සම්කරු උපතින් උරුම වන ජීව විද්‍යාත්මක සාධකවලින් බැහැරව, හුදු පුද්ගල අභිලාෂය මත පමණක් ලිංගිකත්වය වෙනස් කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බව පෙන්වා දෙයි.
2016 වසරේ සෞඛ්‍ය අංශ නිකුත් කළ උපදෙස් මාලාවක් මත පදනම්ව, සැත්කම් මගින් ලිංගිකත්වය වෙනස් කළ අයට නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීම නීතිවිරෝධී බවට ඔහු චෝදනා කරයි.
මෙවැනි ලිංගික පරිවර්තනයන් සඳහා රජය අනුබල දීම හරහා නීතියෙන් පිළි නොගන්නා සමලිංගික විවාහ සඳහා වක්‍රව මග පෑදෙන බව පෙත්සමෙහි සඳහන් වේ.
ජනමත විචාරණයකින් තොරව මෙවැනි තීරණාත්මක වෙනස්කම් සිදු කිරීම නීත්‍යානුකූල නොවන බවට මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක් ද මෙහිදී උපුටා දක්වා ඇත.
පසුගිය සහ වත්මන් රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙලවල් හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී. එබැවින්, ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට පහසුකම් සලසන සියලුම චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපත්ති බලරහිත කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටියි.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ කාන්තා කටයුතු අමාත්‍යවරිය නම් කරනු ලැබ සිටිති.

අනුර, මහින්ද නං නෑ,
ReplyDeleteහැබැයි කජු මැන්ටලේ නං ලිංගික සැත්කමක් කරගෙන වගේ ඉන්නෙ. කලිසම උනත් තදට අඳින්නේ නෑ නේ, හිර වෙලා ජර මරයක් උනොත් කියලා..🤣
මහින්දයත් ඇට දෙක ගලෝල නේ ඉන්නෙ. උගෙ අතේ තියාගෙන වශී බෝල කියල මිරික මිරික ඉන්නෙ ඒව
Deleteකජු ආත, වැඩිපුර හිල් ටිකක් හදා ගත්තොත් තමයි ඉතිං.
Delete🤣
ReplyDelete2016 MR gedera bam hitiye. Sirisena thama 2016 hitiye. Oka nivaradi karala dapn.
ReplyDeleteසිරා නං හොඳ එකා. ඌව කජු නාකියයි, වල් මයිනයි කඩේ යැව්ව ලෙසටම
Delete