රජය විසින් වී මිලදී ගැනීම සඳහා නියමිත අවම මිල ගණන් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ පිළිබඳ කරුණු අනාවරණය කළේය.
නව මිල සංශෝධනයට අනුව වී වර්ග සඳහා ගෙවන මුදල පහත පරිදි වේ.
- කීරි සම්බා: රුපියල් 140.00 (කිලෝග්‍රෑමයකට)
- සම්බා: රුපියල් 130.00 (කිලෝග්‍රෑමයකට)
- නාඩු: රුපියල් 120.00 (කිලෝග්‍රෑමයකට)
මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් බිලියන 10ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව ද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
