ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික වාහන සඳහා නව බද්දක් පැනවීමට රජය තීරණය කර ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ් රොද්‍රිගු මහතා පවසයි.
පසුගිය අයවැය මගින් අනුමත කර ඇති මෙම බද්ද, අප්‍රේල් මස පළමුවැනිදා සිට රේගුවේදී අය කිරීමට නියමිත බව රොද්‍රිගු මහතා සඳහන් කළේය.
වාහනවල වටිනාකම ඉහළ මට්ටමක පවතින බැවින් මෙම බද්ද පාරිභෝගිකයාට දැඩිව දැනෙනු ඇති බවත්, උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 100ක පමණ වටිනාකමකින් යුත් වාහනයක මිල මෙම බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරකින් (250,000) පමණ ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
ගතවූ මාස කිහිපය තුළ වාහන ආනයන ක්ෂේත්රයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, මේ වන විට වාහන ලියාපදිංචි කිරීමේ දත්තවලට අනුව පාරිභෝගිකයන් වැඩි උනන්දුවකින් වාහන මිලදී ගන්නා බව නිරීක්ෂණය වන බව රොද්‍රිගු මහතා පවසයි.
විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක වන මෙම බද්දට පෙර තම වාහන මිලදී ගැනීම් අවසන් කිරීමට පාරිභෝගිකයන් අතර විශාල අවශ්‍යතාවයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, ජපානය වැනි රටවලින් වාහන ගෙන්වීමේදී ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට වෙන්දේසි මිල ගණන්ද ඉහළ ගොස් ඇත.
මේ අනුව, රජයේ නව බද්ද සහ ජාත්‍යන්තර වෙළඳපොළ මිල ගණන් ඉහළ යාම යන කරුණු දෙකම හේතුවෙන් ඉදිරියේදී මෙරට වාහන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

සේල් වල හිරවෙලා තියෙන වාහන විකුණගන්න ගහන ගේමක් ඕක, ඒ බද්ද කලිනුත් තිබ්බා
ReplyDeleteTax for 10Million worth vehicle is 0.25Million. Will this lead to a huge increase in vehicle price ?
ReplyDeleteNo, we re are already paying this tax at sales point.
Delete