පෙර පාසල් ගුරුවරියන් විරෝධතා..


වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව
(22) දින හැටන් නගරයේ උද්ගෝෂණයක් පැවැත්විණ.

මලයගම් පෙර පාසල් ගුරු සංසදය මගින් සංවිධානය කර තිබු මෙම පා ගමනය සහ උද්ගෝෂණයට වතු කරයේ පෙර පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන පෙර පාසල් පාලිකාවන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

මෙම විරෝධතායේදි අදහස් දැක්වු මලයගම් පෙර පාසල් ගුරු සංසදයේ නිළධාරින් සහ පෙර පාසල් පාලිකාවන් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෑම වතුයායකම වතු පරිපාලනය මගින් ලබා දුන් ගොඩනැගිල්ලක පෙරපාසල් පවත්වාගෙන යන බවත්, එසේ පවත්වාගෙන යන පෙරපාසල් වලට ඇතැම් වතුවල පාලන අධිකාරිය විසින් සිදු කරන බලපෑම් හමුවේ පෙර පාසල් පවත්වාගෙන යැමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.

තවද රජයේ ලියාපදිංචි වතු ආශ්‍රිත පෙර පාසල් පාලිකාවන්ට රු.6000ක දීමනාවක් ලැබන බවත්, එසේ දීමනාව නොලබන පෙර පාසල් පාලිකාවන්ට එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දෙමවිපයන්ගෙන් ලැබෙන මුදලින් පෙර පාසල පවත්වාගෙන යන බවයි.

වතු පාලන අධිකාරියෙන් පෙර පාසල පවත්වාගෙන යැමට ගොඩනැගිල්ල පමණක් ලබා දී ඇති බවත්, වතු පාලන අධිකාරිය මගින් පෙර පාසල පවත්වාගන යැමට හෝ පාලිකාවන්ට කිසිදු දිමනාවක් ලබා නොදෙන බවයි විරෝධතාවයේ නියැලි සිටි පෙර පාසල් පාලිකාවන් කියා සිටියේ.

හැටන් බස් නැවතුම්පොලින් පෙළපාලියකින් ගමන් ආරම්භ කල පෙර පාසල් පාලිකාවන් සහ දෙමව්පියන් නගර මධ්‍යයෙන් හැටන් ෆෘඩ් සිටි ගොඩනැගිල්ල වෙත පැමිණ උද්ගෝෂණයකද නිරත විය.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post