ගැස් ලොරි ඇවිත්... ගෑස් ගන්න දිග පෝලිම්...

 


පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතී ගෑස් හිඟය මේ වන විට ක්‍රමයෙන් සමනය වෙමින් පවති.

ගෑස් රැගත් නෞකා කොළඹ වරායට පැමිණීමත් සමඟ, එම ගෑස් තොග කඩිනමින් රට පුරා බෙදාහැරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත. 

මේ වන විටත් දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෑස් තොග යැවීම ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ වුවද, පවතින ඉල්ලුම හේතුවෙන් ඇතැම් ගෑස් අලෙවි මධ්‍යස්ථාන අසල පෝලිම් දක්නට ලැබේ. 

ගාල්ල ප්‍රදේශයේ බෙදුම්හලකට ගෑස් පැමිණි පසු ඒ්වා ලබා ගැනීමට ජනතාව රැඳී සිටින ආකාරයයයි මේ.

Previous Post Next Post