වතු සමාගම් වතු කම්කරු වැටුප් වැඩි කර දීමනා කපලා..


ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා
.. ජීවන් තොන්ඩමන් මහතා කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කරනු ලැබීය.

වතු කම්කරුවන්ට රු.200ක වැටුප ලබා දෙන බවට ඔහු පොරොන්දුව ඉටු කලා සේම තමන් කරන අභියෝගය ක්‍රියාවට නංවා පෙන්වන ලෙසයි ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ.

වතුකරයේ ජනාතාවගේ සැබැතතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරාව දැනුවත් නොකරන නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිළධාරින් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිලිබදවන සොයා බලා ඒ පිලිබදව වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසටයි ජීවන් තොන්ඩමන් මහතා අභියෝග කරමින් කියා සිටින්නේ.


වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කල අවබෝධතා ගිවිසුම එලි දක්වන ලෙසත්
, එම අවබෝධතා ගිවිසුම එලි දැක්වීමට රජය කටයුතු නොකිරිම තුලින් වතු කම්කරුවන්ට වැඩි කල වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විෂ්වාසයක් නොමැති බවයි ජිවන් තොන්ඩමන් මහතා මෙම රැස්වීමේදි කියා සිටියේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩලපිලිවෙල කමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කලද එම ජනතාවට වතු සමාගම් විසින් ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සදහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබා ගැනීමට අරගල කල යුතු බවයි ජීවන් කොන්ඩමන් මහතා කියා සිටියේ.

තමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුකු කල සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදි කල නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත්, එම නිවාස වල වැඩ කටයුතු ඉදි කර අවසන් කිරිමට රජයේ කිසිදු වැඩ පිලිවෙළක් නොමැති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.. ජීවන් තොන්ඩමන් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

4 Comments

  1. තේ දලු නෙලන ගෑනිගෙ අතේ කරගැටේ අතගාල සුභසාධක පහසුකම් කපල දාලද?

    ReplyDelete
  2. Dan ubalata aye Chande Na..Oka thama attha...Nikm buranne nathuwa idapan..E wage problems wisadei ohoma yanakota

    ReplyDelete
  3. වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහල නංවන එක වතු සමාගම් වල වගකීම නෙමෙයි. නමුත් දෙස්පාකයෝ ලේසියට ජන්ද බලාගෙන උන්ගේ ජීවන තත්වය නංවන වගකීම වතු සමාගම් වලට කරගස්වන එකෙන් වෙන්නේ අපේ රටේ තේ ලෝක වෙළළ්දපොලෙ විකිනෙන්නේ නැති වෙලා ආර්ථිකය හාන්සි වෙන එක. වතු කම්කරුවන්ගේ විදුලි බිල, ජල බිල් සහ අනෙකුත් යටිතල පහසුකම් සපයන්නෙත් වතු සමාගම්.
    වතු කම්කරුවන්ගේ විතරක් නෙමෙයි හැම කෙනෙකුගේම ජීවන තත්වය නංවන වගකීම තියෙන්නේ තමන් අතේමයි, වතු සමාගම් වලට (සහ අනෙකුත් සෑම සමාගමකටම ) පුළුවන් මිනිස්සුන්ට තමන්ගේ ජීවන තත්වය නංවා ගන්න අවස්තාව සලසන එක විතරයි......
    වතු කම්කරුවෝ ගත්තොත් ඒ අයගෙන් 99.9% ක් කරන්නේ දිනපතා උදේ හවස වෙනසක් නැතුව වතු සමාගෙන් ලැබෙන පඩියෙන් වැඩි කොටසක් වැය කරලා බොන එක. බේබදු කමට උන්ගේ අතේ තියෙන මුදල් වියදම් කලාම උන්ගේ කාලකන්නි ජීවිත වල ජීවන තත්වය නංවන වගකීම ඒ විදියට උන්ම පැහැර හරියම ඒ වගකීම කරගහන්න ඕනේ වතු සමාගම්ද? වතු සමාගම් හරහා රටේ ජාතික ආර්ථිකයද ?
    අයි ආණ්ඩුවලට බැරි කට ඇරලා කියන්න, තොපෙ බේබදු කම නවත්තලා බේබදු කමට වියදම් කරන සල්ලි වලින් තොපේ ජීවන් තත්වය නංවා ගනිල්ලා කියලා? නෑ, එහෙම කියන්නේ නෑ, එහෙම කිවවම අර බේබද්දන්ගේ ජන්ද ටික නැති වෙයි කියන බයට.
    ඒ නිසා ආණ්ඩුව කරන්නේ ඒ වගකීම වතු සමාගම් වලට කර ගස්සල අපේ රටේ ජාතික ආර්ථිකය වල පල්ලට යවන එක.

    දැන් වැඩි කෙර්රුව කියන්නේ කීයද? රු 250.00 කින්, කලින් පඩිය රු 850.00, එතකොට අරක්කු කාල 200 යි. ජීවන තත්වය නංවපියව් කිය කියා ස්ට්‍රයික් කරලා කෑගහලා පස්සේ ඒක 1,000.00 කර ගත්තා. කම්කරුවෝ කලින් කාල බීපු එවුන් බාගේ ගහන්න පටන් ගත්තා. කලින් හවසට විතරක් බීපු එකා උදෙත් කාලක් ගහන්න පටන් ගත්තා. ඔන්න ජීවන් තත්වය පහල ගියා. ඊට පසේ පඩිය 1,500.00 කළා. අරක්කු වලට ඉල්ලුම වැඩි වෙලා අරක්කු මිල වැඩි කළා, ඔන්න ආපහු ජීවන තත්වය පහල ගියා. දැන් ආණ්ඩුව පඩිය 1,750.00 කරපන් කියලා වතු සමාගම් වලට බල කළා. ඇයි ආණ්ඩුවට බැරි, අරක්කු මිල අඩු කරලා ඔකුන්ගේ ජීවන තත්වය ඉහල දාන්න ? නැතිනම් ඕකුන්ට බේබදු කමින් අයින් වෙයල්ලා කියල බල කරන්න.
    අස්වැසුම සමෘධිය හැම එකම අපේ මහජන මුදල් වලින් ගෙව්වම ආර්ථිකය වල පල්ලට යන්නේ කියල තේරෙන්නෙම නැද්ද?
    බදු ගෙවල රටේ ආර්ථිකය නඩත්තු කරන මිනිස්සු එකතු වෙලා හරි ආන්ඩුවට බල කරන්න ඕනේ අපේ රටේ ආර්ථිකය බේදද්දන්ට යට කරන එක නවත්තපියව් නැතිනම් ගෙදර පලයව් කියල. එක මොන ආණ්ඩුව ආවත් මිනිස්සු කල යුතු බලපෑමක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න සුපිරි ආර්ථික විශේෂඥයෙක් කක්ක බෙට්ටක් දාලා.

      Delete
Previous Post Next Post