කුණාටුවට කැඩුනු පාලම තවම හදා නෑ.. ජනතාව ගගේ බැස යන්න වෙලා..


නානුඔය ඇල්ජින් සිට කොත්මලා ඔයට ජලය ගලා බසිනා ආග්‍රාඔය හරහා ඉදි කර තිබූ යකඩ පාලම දිට්වා සුලි කුණාටුවෙන් කැඩී යෑමෙන් පසු එම පාලම භාවිතා කල පාසල් ළමුන් ඇතුලු වතු ගණනාවක වතු කම්කරුවන් විශාල පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත
.

ලිදුල මෙරායා ප්‍රදේශයේ සිට නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයාය, මෙක්කර්සේනායි, ඔටුවේලි සහ සෙන්ටර්ග්ලාස් ඇතුලු වතු ගණානාවක පදිංචි පවුල් 800කට වැඩි පිරිසක් මෙම පාලම හරහා ගමන් කල අතර, පාලම ගංවතුරට කැඩී යැම නිසා පාලම හරහා ගමන් කල සියලු දෙනාට ගගෙන් බැස යෑමට සිදු වී ඇති බවයි පීඩාවට පත් ජනතාව කියා සිටියේ.

නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයායේ සිට මෙරායා නගරයට ගග මගහැර එන්නේ නම්, කිලෝමීටර් 5ක් පමණ දුරක් පා ගමනින් යෑමට සිදු වී ඇති බවත්, කැඩී ගිය පාලම හරහා ගමන් කිරිමේදි විනාඩි 15ක් ඇතුලත පා ගමනින් යා හැකි දුරක් බවයි නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයායේ ජනතාව කියා සිටින්නේ.

එම වතුයායේ සිට මෙරායා දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 450 දෙනෙකු පමණ ගග තරණය කර පැමිණිමට සිදු වී ඇති බවත්, මේ දිනවල පැවැත්වෙන අපොස සා/පෙළ විභාගයටද සිසු සිසුවියන් ගමන් කරනු ලබන්නේ ගගේ බැස යෑමෙන් බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පවා කියා සිටින්නේ.

ආග්‍රාඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වන අවස්ථාවල ගගේ ජල මට්ටම ඉහළ යන බවත්, එම අවස්ථාවල ගගේ බැස යෑමට නොහැකි තත්වයක් උද්ගත විම හමුවේ පාසල් ළමුන්ට පාසලට යෑමට හෝ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මෙරායා නගරයට පැමිණීමට හෝ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද පීඩාවට පත් ජනතාව කියා සිටියි.

පවත්නා තත්වය මත කැඩී ගිය යකඩ පාලම වෙනුවට තාවකාලිකව පාලමක් හෝ ඉදි කර දෙන ලෙසයි පාලම කැඩී යෑමෙන් පීඩාවට පත් ලිදුල හෙන්බෝල්ට් වතුයායේ පදිංචිකරුවන් සහ එම පාලම හරහා ගමන් කල ජනතාව කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

3 Comments

  1. බෝක්කු පාලම් උඩ වැඩිවෙලා හිටියට ඕවා හදන්න දන්න එවුන් එතන නැහැ.

    ReplyDelete
  2. මේක අපේ අති දක්ෂ මාලිමා රජය අපකීර්තියට පත් කරන ප්‍රවෘත්තියක්

    ReplyDelete
  3. ai a paththe wali kotta thibila nadda oka goda karala hadanna...

    ReplyDelete
Previous Post Next Post