ශ්‍රමවාසනා අරමුදල විනාශ කළොත් ආණ්ඩුවට අබසරණයි..- නාමල්


වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා පැවසීය.

විශේෂයෙන් කම්කරු ජනතාවගේ සුභ සාධනයසඳහා තම පියා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කරන ලද ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමට රජය ගනු ලැබු අමනෝඥ තීරණය රටේ සමස්ත කම්කරු ජනතාවටම එල්ල කරනලද බරපතල ප්‍රහාරයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙම ආයතනය වසා දමන්නේ එය පාඩු ලබන බවට අසත්‍ය තොරතුරක් ජනගත කරමින් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් රජයට තම බලවත් විරෝධය පළ කරන බව ප්‍රකාශ කළේය.

රාජපක්ෂවරුන් ඇති කරන ලද මෙවැනි ජාතික සම්පත් අනාගත පරපුරට දායාද කරනවා වෙනුවට පදනම් විරහිතව ඈවර කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම ජාතියේ අවාසනාව බවද පැවසීය. 

මෙබඳු ජාතික ආයතනවලින් පළිගැනීමට ක්‍රියා කරන වත්මන් රජයට අබ සරණ ප්‍රාර්ථනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

8 Comments

  1. නාමල් බේබි සුනාමි අරමුදලට මොකෝ කොල්ලො උනේ? අනේ ඒ ගැනත් කියහන්කො?

    ReplyDelete
    Replies
    1. මුන්ගේ මහා එකා, ජාතියේ අප්පච්චි, ජාතියට වැලි දාල ඇරියේ ඒකෙන් තමයි

      Delete
    2. ඒවා හොයන්න තමයි මේ ජෙපි ආන්ඩුව පත් කරේ.අවුරුද්දකුත් ගියා තාම කිසිදෙයක් කරලා නැ.තාමත් වහල්ලු චුන් කරනවා.

      Delete
  2. මුගේ මයික් ගොඩ. නයි දෙරණයි, බෞද්දයා නාලිකාවයි.
    කොහේ හරි බණකට වැඩියද සේර්?

    ReplyDelete
    Replies
    1. හැබැයි ටෝක් දෙන්නේ නියත ජනපති කියල.

      Delete
  3. පොහොට්ටුව කටේ ගහ ගත්ත අලියෙක් ඉන්නෙ පිටිපස්සෙ. මුන්ගෙ තරම දන්න එකෙක් ලෑස්ති කරපු අටමගලක් වෙන්න ඕන. ආතල් එකක් ගන්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. ඇතුලට යන්න කලින් මූ රැගිල්ලක් දානව නිකන් අප්පගේම පුතා වගේ

      Delete
    2. ඒවා හොයන්න තමයි මේ ජෙපි ආන්ඩුව පත් කරේ.අවුරුද්දකුත් ගියා තාම කිසිදෙයක් කරලා නැ.තාමත් වහල්ලු චුන් කරනවා.

      Delete
Previous Post Next Post