නොරොච්චෝල් බලාගාරය සඳහා බාල ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිටුපස පවතින අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති දක්වන උදාසීනත්වය හමුවේ, එම දූෂිත ගනුදෙනුවට ඔහුගේද අනුදැනුම ඇති බවට සැකයක් මතු වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
හාරිස්පත්තුව ප්‍රදේශයේ පිහිටි හල්ලොලුව ඓතිහාසික කටාරංගල රජමහා විහාරස්ථානය වෙත පැමිණි ඒ මහතා, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම ගනුදෙනුවෙහි පවතින විනිවිදභාවයකින් තොර ස්වභාවය හේතුවෙන් එහි මූල්‍යමය පාඩුව අවසානයේ ජනතාව මතම පැටවෙනු ඇති බවය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීම තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර විමර්ශනයක් ඉල්ලා සිටියද, ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් හෙතෙම පැවසීය.
''විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් වෙලා තිබෙනවා.සියය 13.5 කින්.විදුලි ගාස්තු වැඩිවෙන්නේ අප්‍රේල් එකදා සිට.විදුලි ගාස්තු වැඩි වීමට කිසිදු අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ.ඒකට හේතුව ලෝකයේ ගල් අඟුරු මිලත් තෙල් මිලත් ඉතාමත්ම අඩුමට්ටමක පවතින්නේ.කවුරුත් දන්නවා ජලාශවල ජලමට්ටමත් ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබෙනවා.මේ දිනවල සූර්ය බලයත් සුළං බලයත් හොඳට තිබෙනවා.
ඇත්තටම මේ විදුලි ගාස්තු වැඩිකරන්න වෙලා තියෙන්නේ බාල ගල්අඟුරු ගෙනඒම නිසා.ඒ නිසා සිදුවුණු පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තා කලා.රජය මුලින්ම කිව්වා බාල ගල්අඟුරුවලට වන්දියක් ගන්නවා කියල.විදුලිබල මණ්ඩලය පෙන්වා දීල තිබෙනවා නැව් 25 කින් හතරකින් පමණ වන්දිය ගත්තට පස්සේ කෝටි 180 ක පාඩුවක් තිබෙන බව.ඉතින් නැව් 25 ආවොත් එහෙම මේ පාඩුව ආසන්න වශයෙන් කෝටි දහස ඉක්මවනවා.ඒක මහජනයා පිට පැටවීම කිසිසේත්ම සාධාරණ නැහැ.
විදුලි බල මණ්ඩලය ළඟදීම ඒ අමාත්‍යාංශයේ විදුලි අයක්‍රමය හා විදුලිබල ප්‍රතිපත්ති ගැන යම් ප්‍රතිප්තති වගයක් සම්මත කරන්න යනවා.විශේෂයෙන්ම අයක්‍රමය ගත්තොත් දුප්පත් ජනතාවට ඒ අයක්‍රමය වැඩිබරක් දාලා තිබෙනවා.
උදාහරණයක් හැටියට ඒකක දාහට වැඩියෙන් පාවිච්චි කරන ඉහළ ධනකුවේරයන්ගේ විදුලි බිල දැන් තියෙනවා නම් රුපියල් තුනක් ඒක රුපියලට බහිනවා.දුගියගේ තිබෙනවා නම් රුපියලක් ඒක රුපියල් 20 වෙනවා.දුගියන්ගේ ඒ කියන්නේ ඒකක 30 අඩු විදුලි බිල 20 ගුණයකින් පමණ වැඩිවෙනවා.ධනකුවේරයන්ගේ ඒවා තුනෙන් එකකට අඩුවෙනවා.''

සැකයි නෙමේ අනිවාර්යයෙන්ම පඟර නැට්ට සම්බන්ධයි
ReplyDelete