රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත වාර්තාකරණ කටයුතුවලින් බැහැර වීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.
වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සුවිශේෂී සේවාවක් ස්ථාපිත කරන ලෙස රජයට බල කරමින් ක්‍රියාත්මක වන විරෝධතා මාලාවේ තවත් පියවරක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.
බෝවන රෝග මර්දන අංශවල වෛද්‍යවරුන් සාමාන්‍ය සායනික කටයුතු පවත්වාගෙන ගියද, දත්ත පද්ධති යාවත්කාලීන කිරීමෙන් සහ සංඛ්‍යාලේඛන සැපයීමෙන් පූර්ණ ලෙස ඉවත්ව සිටී.
මෙම දත්ත වර්ජනය හේතුවෙන් වර්තමානයේ පමණක් නොව, අනාගත සෞඛ්‍ය සැලසුම්කරණයේදී ද දැඩි ගැටලු පැනනැගිය හැකි බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙයි.
ඉකුත් 11 වැනිදා කොළඹදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පත්කළ ක්‍රියාකාරී කමිටුවේ නිර්දේශ මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය දක්වන මන්දගාමී ප්‍රතිචාර හමුවේ දැනටමත් විරෝධතා ක්‍රියාමාර්ග හයක් ක්‍රියාවට නංවා ඇත.
මෙහි ඉදිරි පියවරක් ලෙස එළඹෙන 18 වැනිදා හත්වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද දියත් කිරීමට නියමිත බව වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ජනතාව සටන ආපස්සට හරවය් වගේ එදාට දෙවියොත් නැත
ReplyDelete