රට යවලා හරි පුහුණු කතා ඉවරයි.. හමුදාවට දුම්රිය පුහුනුව වහාම රිවස් කරයි..


යුද හමුදා නිලධාරීන් විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. 

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දුම්රිය වැඩ වර්ජනයක් හේතුවෙන් සිදුවිය හැකි බාධා වැළැක්වීමේ අරමුණින් මෙම තීන්දුව ගත් බවයි.

හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ මෙම වැඩසටහනට විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් මෙහෙයුම් ඉංජිනේරුවන්ගේ සංගමය (LOEU) අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. 

නව රියදුරන් බඳවා ගැනීම් සම්බන්ධයෙන් මෑතකදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ මෙම පුහුණු තීරණයට එරෙහිව සිය සංගමය දැඩි ලෙස පෙනී සිටින බව එහි ලේකම් ඩී.සී. එදිරිසිංහ මහතා සඳහන් කළේය. 

රජය විසින් ගත් මෙම පියවරත් සමග දුම්රිය රියදුරන් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙනඇත.

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසුවේය.

"ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි කෝච්චි පාරවල් හදන්න උදව් කරලා තියෙනවා, කෝච්චි එන්ජිං හදන්නත් ඒ ගොල්ලෝ දැන් මාස දෙකක් තිස්සේ රත්මලානේ උදව් කරනවා. යුද හමුදාවේ ඉංජිනේරුවෝ ඇවිල්ලා බේල් පාලම් හයි කරනවා එතකොට යුද හමුදාවේ සහභාගීත්වය කොච්චරද කියලා අපිට පේනවා.  ඉතිං මේවගේ හදිසි අවස්ථාවකදි මේ වගේ කණ්ඩායමකට වෘත්තිය පුහුණුව තිබීමේ වටිනාකම අපි අත්වින්දා අමාත්‍යාංශයක් විදිහට. ඒ නිසා තමයි මේ 20 දෙනෙකුට මේ පුහුණුව ලබා දෙන්න අපි තීරණය කෙරුවේ. නමුත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙවර සාමාන්‍යපෙළ විභාගය සඳහා මුහුණ දෙනවා.  එක ළමයෙකුට හරි අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ කඩඉම පසු කර ගැනීම සඳහා යම් කිසි ප්‍රවාහන අපහසුතාවයකට පත්වුණොත් ඒක අපිට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තාවකාලිකව මේ පුහුණුව සඳහා යොදපු යුද හමුදා නිලධාරීන් 20 අපි නවත්වනවා."

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයකට පැය කිහිපයකට නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හමුදා නිලධාරීන්ට දුම්රිය පුහුණුවට මෙරටදී ඉඩ ලබා දෙන්නේ නැතිනම් විදේශ රටකට යවා හෝ එම පුහුණුව ලබාදෙන බවය.

6 Comments

  1. පෙසන්න මාත්තයො එහෙමනම් ආණ්ඩුවම හමුදාවට දීලා ඔබතුමාලා ගෙදර ගියානම් හොඳයිනෙ

    ReplyDelete
  2. A good move. Yes the armed forces must have the capacity to run public services.

    ReplyDelete
  3. ජනතාව ගැන හිතන ආණ්ඩුවක්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට වෙන අපහසුතා වළක්වා ගන්න තාවකාලිකව මේ තිරණය පස්සට ගත්ත එක ගැන අපේ ප්‍රණාමය.

    ReplyDelete
  4. It is a very good move by the ministry to train 20 army personnel as engine drivers to use in an emergency. They shouldn't have reversed the decision. Government should not allow these trade unions to take the general public for ransom. They are some creatures who will never be satisfied with what they have and they will never think what they have to do for the public. Bravo Minister take a proper decision sooner than later.

    ReplyDelete
  5. Headline eka liyapu wimalta kade yana gona . Horunta balaya nethi nisa ubalata pissu wage neda.

    ReplyDelete
    Replies
    1. This is not English... mmmmm.. oh I forgot, it is bick kucchen...

      Delete
Previous Post Next Post