පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳි විශ්‍රාම වැටුප් වරප්‍රසාදය අහෝසි කිරීම හරහා වත්මන් රජය ලබාදෙන දේශපාලනික ආදර්ශය හේතුවෙන් ශ්‍රී ලංකාව කියුබාව වැනි රටකට සමීප වෙමින් පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශ්‍රාම වැටුප් පනත පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක කුසලාන තරගාවලියේදී පැතුම් නිස්සංක ශතකයක් ලබාගත් අවස්ථාව බිලියනයකට අධික පිරිසක් නැරඹූ සේම, මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත කෙරෙහිද මහජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි.
වසර 48කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හඳුන්වා දී, එක්සත් ජාතික පක්ෂය විසින් පෝෂණය කරන ලද මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අවසන් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 165 වැනි පිටුවේ සඳහන් වූ අතිවිශිෂ්ට මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් බව ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළා සේම මන්ත්‍රී විශ්‍රාම වැටුපද අහෝසි කිරීම හරහා එම ජනවරම ඓතිහාසික ලෙස සනිටුහන් කර ඇති බව වටගල මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මීට පෙර පෞද්ගලික මන්ත්‍රී යෝජනා මගින් විශ්‍රාම වැටුපට එරෙහිව අදහස් දක්වා තිබියදී, අද දින මෙම පනතට විරුද්ධ වීම තුළින් ඔවුන්ගේ දේශපාලන පරස්පරතාව මැනවින් පෙන්නුම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
ජාතික ජන බලවේගය සතු සාමූහික සංස්කෘතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "මාලිමාවේ කාගේ හරි වහලක් කැඩුනොත් පිරිවරාගෙන ගිහින් හදන" වැඩපිළිවෙළක් තමන් සතු බවයි. දශක ගණනාවක් දේශපාලනය කළද, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නිවෙසක වහලක් කැඩුණු විට එය සාදා ගැනීමට හෝ මිනිසුන් නැති තත්ත්වයට ඔවුන් පත්ව ඇති බව වටගල මහතා පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ කෝටි ගණනට මන්ත්‍රී ධූර විකුණන සහ පක්ෂ මාරු කරන දූෂිත ක්‍රමවේදයක් පැවති බවත්, ඉදිරියේදී ගෙන එන නව සංශෝධන මගින් පක්ෂය මාරු කරන මන්ත්‍රීවරයෙකුට සිය ධූරය අතහැර යාමට සිදුවන නීතිමය පසුබිමක් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය

Qබාවේ මූලික ආදායම සංචාරක වියාපාරය.
ReplyDeleteදැන් එහෙ තෙල් නැති නිසා ප්ලේන් එන්නේ නෑ
නිතර විදුලිය අනහිටින එක (වඳුරෝ පනින) සුලබ දෙයක්
කූපන් පොතෙන් තමා බිත්තරයක් උනත් ගන්න තියෙන්නේ.
වට්ටකාල ඇමටිටුමා අපිත් එහෙම රටක් හදමු
අය්යෝ මේ රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. කියුබාව අද ඉන්න තත්ත්වය දන්නා තරම. ලංකාව කියුබාවක් කිරීම! මෙ වගෙ හරක්ගෙන් රටක් මොනව බලාපොරොත්තු වන්නද? අඩුම ගානෙ මාලදිවයින ගැනවත් කිව්ව නං ඒකත් එකක්. මහ එකාගෙ තියන දැනීමට සමානයි ඔක්කොම. හතට ඉස්කෝලෙ ගිය ටිල්වින්ගෙ බුද්ධියෙන් එහාට මොකුත් නෑ.
ReplyDeleteමතකද උගන්ඩා බුවා මෙහෙ ගෙනැත් දීපු සැප? 🤣
Deleteඋගන්ඩා කටහැකරි ගැන දැන් මෙතෙන්ට ඕන නැහැනේ.
Deleteඇයි ඕන නැත්තේ. එතුමිය අපි නැවත පත් කර ගන්නවා සහෝ.
Deleteඒත් #NomoreRajapaksa
AT LEAST DREAM TO BE A DEVELOPED EUROPE COUNTRY, SEEMS WE ARE DREAMING TO BE PART OF INDIA WAY DEALS ARE GOING ON
ReplyDeleteපේනවා යනවිදියට ,
ReplyDeleteHave you ever been there? Go and see how ppl suffering there.
ReplyDeleteඇවිදින පුට්ටකාල උදෙන්ම නාගන්න ගාමර්ල
ReplyDeleteමාලිමා වෙ අයට ප්‍රශ්නයක් නෑ...විශාල ලෙස තර වුණ...තවදුරටත් තර වන බිලියන ගණනක පක්ෂ අරමුදල තියනවා.ඒකෙන් දීමනාවක් දෙයි.ඇත්ත වශයෙන්ම අවංකව වැඩ කරපු,කරන මන්ත්‍රිවරුන්ට මේක හරිම බරපතල පහරක්...
ReplyDelete