කිසිම ගෑස් හිගයක් නෑ.. උවමනාවට වඩා තියෙනවා.. කහ සිලින්ඩරයට නිල් ගෑස් දීම නීති විරෝධීයි..- මාලිමා මන්ත‍්‍රී

 


ශ්‍රී ලංකාව තුළ මේ වන විට කිසිදු ගෑස් හිඟයක් හෝ අර්බුදයක් නොමැති බවත්, විපක්ෂය විසින් ජනතාව නොමග යැවීම සඳහා සතිපතා නිර්මාණය කරන "බිල්ලන්" අතරට ගෑස් ප්‍රශ්නය ද ඇතුළත් කරගෙන ඇති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

පෞද්ගලික ගෑස් සමාගමක් වන ලාෆ්ස් (Laugfs) සමාගම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් නිසි පරිදි සැපයුම් ලබා නොදීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බව හෙතෙම සඳහන් කළේය.

පෞද්ගලික සමාගම සිය වගකීම් පැහැර හැරීම නිසා පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන, රජයට අයත් ලිට්‍රෝ (Litro) ගෑස් සමාගම සිය දෛනික සැපයුම මෙට්‍රික් ටොන් 1,500 දක්වා ඉහළ නංවා ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. එමෙන්ම, පසුගිය සඳුදා දිනයේ පමණක් ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට මුදා හැරීමට වෙළඳ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා උපදෙස් දී තිබූ බව ද ඔහු පැවසීය.

ලාෆ්ස් සමාගම වගකීම් විරහිතව කටයුතු කරන බව රජයට නිරීක්ෂණය වී ඇති බැවින්, එළඹෙන සතියේදී වෙළඳ අමාත්‍යවරයා විසින් අදාළ සමාගමේ බලධාරීන් කැඳවීමට නියමිතය. එහිදී ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පිළිබඳව සොයා බලා, පාරිභෝගිකයන්ට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද සූරියආරච්චි මහතා සඳහන් කළේය.

කහ පැහැති සිලින්ඩර (ලාෆ්ස්) ලබාගෙන නිල් පැහැති සිලින්ඩර (ලිට්‍රෝ) නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගමට නීතිමය අයිතියක් නොමැති බවත්, එය ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය. 

යම් හෙයකින් ලාෆ්ස් සමාගමට තවදුරටත් සැපයුම් සිදු කිරීමට නොහැකි නම්, ඔවුන් විසින් සිය පාරිභෝගිකයන්ට අදාළ වන්දිය ගෙවා වෙනත් සමාගමක පාරිභෝගිකයෙකු වීමට අවස්ථාව සලසා දිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂයේ ප්‍රචාරවලට රැවටෙන්න එපා සමාජ මාධ්‍ය හා තමන්ට හිතවත් මාධ්‍ය නාලිකා යොදා ගනිමින් විපක්ෂය ගෑස් හිඟයක් පිළිබඳ පදනම් විරහිත බියක් ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන බව මන්ත්‍රීවරයා පැවසීය. 

රජයක් ලෙස ජනතාවගේ එදිනෙදා ජීවිතය බිඳ වැටීමට ඉඩ නොතබන බවත්, විපක්ෂයේ මඩ ප්‍රචාරවලට හසු නොවී රජය කෙරෙහි විශ්වාසය තබන ලෙසත් චන්දන සූරියආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය

4 Comments

  1. එහෙමනම් නිල් පාට සිලින්ඩර් හරි වෙනදා වගෙ කඩවල තියෙන්නෙ එපැයි. ඊයෙ ගියාම හිස් සිලින්ඩර් විතරයි තිබ්බෙ.. හිස් එක තියල ගියොත් හවසට දෙන්න පුලුවන් කියනවා. ගැස් ගිහයක් නැතිනම් අපිට ගන්න ගැස් තියෙන්නෙ එපැයි. දෙපාරක් යන්න ඔනි නැහැනෙ... අනික ගැස් කියන්නෙ අපිට එකතු කරගන්න පුලුවන් දෙයකුත් නෙවි.. මිලදිගත්තු හිස් සිලින්ඩරෙ දුන්නොත් හැරෙන්න ගන්න විදියක් නැ එතකොට කොහොමද මදි වෙන්නෙ ? දිනකට ඔනි සිලින්ඩර් ගාන සමාගම දන්නවානෙ.. එතකොට ඒ ඒ අදාල විදියට බෙදා හැරීම් නොකිරිමෙන් තමයි හිගයක් නිර්මානය වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හොඳින් හෝදන්න

      Delete
  2. ගොන් බුරුවො මිනිස්සු පොලින්වල ඉන්නේ පුකේ අමාරුවටද

    ReplyDelete
  3. Koheda pako gas thiyenne, wesige putha balapiya gihin

    ReplyDelete
Previous Post Next Post