පුද්ගලික සමාගමකින් ලංවිමට ඉංජිනේරුවන්.. වියදම විදුලි බිලට..


ලංකා විදුලිබල මණ්ඩලය වෙත පෞද්ගලික අංශයෙන් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් අනුයුක්ත කරගැනීමේ සූදානමට විරෝධය පල කරමින්, මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සහිත අධිකාරීවරුන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා ලිපියකින් දැනුවත් කර ඇත.

එම සංගමය පෙන්වා දෙන්නේ ආයතනය තුළම අවශ්‍ය සුදුසුකම් සපුරාලූ පිරිස් සිටියදී, බාහිර පෞද්ගලික සමාගමක් හරහා මෙම පත්වීම් ලබාදීමට කටයුතු කිරීම අසාධාරණ බවයි. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජිතයන් අවධාරණය කළේ 'ශ්‍රී ලංකා එනජිස්' නැමැති පෞද්ගලික ආයතනය මැදිහත් කරගනිමින් සිදුකෙරෙන මෙම බඳවා ගැනීම් නිසා මණ්ඩලයට අමතර මූල්‍ය බරක් පැටවෙන බවය.

පෞද්ගලික සබඳතා මත හෝ කිසියම් වාසි සහගත පදනමක් මත මෙම පිරිස් තෝරාගන්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත්

මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන නාස්තිකාර මුදල අවසානයේදී විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පොදු මහජනතාවගෙන්ම අය කරගැනීමට ඉඩ ඇති බවත් ඔවුන් චෝදනා කරති.

Previous Post Next Post