සමගි ජන බලවේගයේ නයන වාසලතිලක මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් 224 දෙනාම සිය පාර්ලිමේන්තු වැටුප් ලබාගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශයෙන් හෙලි වූ බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මෙහිදී මන්ත්‍රීවරුන්ට හිමි දීමනා පිළිබඳවද කරුණු අනාවරණය වූ අතර, මන්ත්‍රීවරයෙකුගේ මූලික මාසික දීමනාව රුපියල් 54,285ක් වන බව සඳහන් විය. මීට අමතරව කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්, ප්‍රවාහන දීමනාව රුපියල් 15,000ක්, රියදුරු දීමනාව රුපියල් 3,500ක් සහ දුරකථන දීමනා ද හිමිවන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
නයන වාසලතිලක මහතා 2025 අගෝස්තු මස සිට තම වැටුප් හා දීමනා ලබා නොගන්නා බවට ලිඛිතව දැනුම් දී ඇති බැවින් ඔහුගේ ගෙවීම් පමණක් නතර කර ඇති බව එහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම වැටුප් පුද්ගලිකව පරිභෝජනය නොකරන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. එම සියලු වැටුප් හා දීමනා පක්ෂ අරමුදලකට බැර වන බවත්, මන්ත්‍රීවරුන්ගේ සුභසාධන කටයුතු එම අරමුදල හරහා සිදුකිරීම ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ දීර්ඝකාලීන දේශපාලන සංස්කෘතිය බවත් ඇය සඳහන් කළාය,.
මීට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ, වැටුප් නොගන්නා බව පැවසුවද ජනතාවගේ බදු මුදලින් ලැබෙන මෙම වැටුප් පක්ෂ අරමුදලකට දමා මන්ත්‍රීවරුන් පෝෂණය කිරීම ජනතාව දේශපාලන වශයෙන් මුලා කිරීමක් බවයි.
මන්ත්‍රීවරුන්ගේ වැටුප් ලේඛන පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගිණුම්වලට මුදල් බැර වන බව පෙනී යන බවද ඔහු තර්ක කළේය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ගිණුම් ඉතා විනිවිදභාවයකින් පවත්වාගෙන යන බවයි. එමෙන්ම සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව වැනි අනෙකුත් පක්ෂවලද ගිණුම් මේ ආකාරයෙන්ම ප්‍රසිද්ධ කරන්නේ නම්, පක්ෂ අරමුදල්වලට මුදල් ලැබෙන ආකාරය සහ ඒවා වියදම් වන ආකාරය පිළිබඳව සංසන්දනයක් කළ හැකි බව ඇය වැඩිදුරටත් අභියෝග කළාය.

159x200,000=31,00,000 (approximately 30 mn) per month to one account. How rich it will be ? so no need to expose
ReplyDeleteමාසෙකට මිලියන 30 ක්, අරගෙන එකෙන් සල්ලි බෙදනවා කියන්නේ , අත්සන් නැති අස්වීමේ ලියුමකට අත්සන් කල වගේ තමඊ
ReplyDelete