ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
පසුගිය දින කිහිපය තුළ එම වෙළඳ සැල වසා තැබීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් සමාගම පෙන්වා දෙන්නේ, ජනවාරි මස 31 වන සෙනසුරාදා දින එහි සේවයේ නියුතු විකුණුම් සේවකයා අසනීප වීම හේතුවෙන් පමණක් වෙළඳ සැල තාවකාලිකව වසා තැබීමට සිදු වූ බවයි.
එමෙන්ම පෙබරවාරි 01 වන ඉරිදා දින පෝය දිනය බැවින්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වෙළඳ සැල වසා තැබූ බවද එහි සඳහන් වේ.
මෙම සිදුවීම්වලට පරිබාහිරව වෙනත් අර්ථයක් ලබා දෙමින් පතුරුවා හරින ප්‍රකාශයන් මහජනතාව නොමඟ යවන සුළු බවත්, මේ වන විට නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.
එම වෙළඳ සැලේ විවෘත වේලාවන් පහත පරිදි වේ.
සතියේ දින සහ සෙනසුරාදා: පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා.
ඉරිදා දිනවල: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින, මහා භාණ්ඩාගාරයට පූර්ණ වශයෙන් අයත් ආයතනයක් ලෙස පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවයක් සැපයීමට තමන් කැපවී සිටින බව පවසන ලංකා සීනි සමාගම, සමාගම විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


මාලිමාවට තවත් දිසානයක කෙනෙක්…
ReplyDeleteහිටපු ප්‍රබල දේශපලකයකුගේ පුත්‍රයෙක් මාලිමාව හා සමබන්දවීමට යන බව…..coming soon..
ම මා ම්ම් මා….
76 වසරක් කර්මාන්ත ශාලා ඇති කරා. දැන් සිල්ලර කඩ ඇතිකරනවා. පු....පු...පු... පුනරුදය
ReplyDeleteඔය ගමන්ම පහුගිය මාස කිහිපයේ පිරිවැටුමයි ලාභයයි කියපල්ලා.
ReplyDelete