2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක ඉන්දු - පකිස්ථාන තරගය අද (15) රාත්‍රී 07.00 ට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සුවිශේෂී තරගය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන සහ රථවාහන කළමනාකරණ සැලසුම් මේ වන විටත් සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ආරක්ෂක රාජකාරි සහ නීතිය ක්‍රියාත්මක කිරීම
තරගයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව කටයුතු කරනු ලබයි. මේ සඳහා පොලිස් නිලධාරීන් 2,000 ක් පමණ සහ රථවාහන පාලනය සඳහා නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් යොදවා තිබේ.
ක්‍රීඩාංගණය තුළ හෝ ඒ අවට බීමත්ව හැසිරෙන, කලහකාරී හෝ අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.
ප්‍රවේශ පත්‍ර: තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වී ඇති බැවින්, ප්‍රවේශ පත්‍ර නොමැති පුද්ගලයන්ට ක්‍රීඩාංගණය අසල සැරිසැරීමෙන් වළකින ලෙස දැනුම් දෙනු ලැබේ.
පස්වරු 15:00 ට (සවස 03:00) ක්‍රීඩාංගණයේ සියලුම දොරටු මහජනතාව සඳහා විවෘත කෙරේ.
පරීක්ෂා කිරීම්: සියලුම නරඹන්නන් ශරීර පරීක්ෂාවන්ට සහ සී. සී. ටී. වී. පරීක්ෂාවන්ට ලක් කෙරෙන බැවින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
නරඹන්නන්ට ක්‍රීඩාංගණය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල්, විශාල ගමන් මලු, හෙල්මට්, මත්පැන්, සංගීත භාණ්ඩ, ඩ්‍රෝන උපකරණ සහ ඉලෙක්ට්‍රොනික අයිතම රැගෙන ඒම සපුරා තහනම් වේ. කෙසේ වෙතත්, නරඹන්නන්ගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රීඩාංගණය තුළ පහසුකම් සලසා ඇත.
රථවාහන සැලැස්ම සහ රථගාල්
කෙත්තාරාම මාවත හන්දිය සහ විල්සන් පෙරේරා මාවත හරහා බ්‍රිට්‍රෝබබා පුල්ලේ හන්දිය දක්වා වාහන ඇතුළු කළ හැක්කේ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිකුත් කළ අවසර පත්‍ර සහිත වාහනවලට පමණි. මීට අමතරව වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර සහ සෙබස්තියන් ඇළ පාර ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
නරඹන්නන් සඳහා වෙන් කළ රථගාල්:
- ක්‍රීඩාංගණ භූමිය රථගාල සහ සතොස රථගාල
- සෙබෙස්තියන් ඇළ පාර, මැටිපාක් සහ කෝවිල පාර රථගාල්
- ඇපල්වත්ත රථගාල සහ අඩි 100 මාර්ගයේ දෙපස
මෙම තරගය ඉතාමත්ම සංයමයෙන් සහ සාමකාමීව නරඹන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මෙරට ක්‍රීඩාලෝලීන්ගෙන් මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන්ද කාරුණිකව ඉල්ලා සිටියි.


නියමයිනේ.
ReplyDeleteපොහොට්ටු කපුටො එන එක නවත්තන්න බැරිද?
බයයිද?
Deleteමාර බයක්!
Delete