පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ගල් අඟුරු වංචාව පිළිබඳ කතා කරන බොහෝ අවස්ථාවල කතා කරන්නේ අළු ප්‍රතිශතය වැඩි වීම සහ අඩු ශක්ති ජනන අගයක් (low calorific value) පැවතීම වැනි ප්‍රශ්න. නමුත් කවුරුත් කතා නොකරන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ගල් අඟුරු සැපයුම ප්‍රමාද වීමෙන් ජූලි මාසයේ අග සිට සැප්තැම්බර් මැද දක්වා දැවැන්ත විදුලි අර්බූදයක් එන එක. එක්කෝ රට අඳුරේ. නැතිනම් විදුලි ඒකකයක් රුපියල් 90ටත් වඩා ඉහළ මිලකට මිල දී ගන්න වෙන එක. රටේ දැවැන්තම විදුලි සැපයුම්කරුවා, 40%ක විදුලි සම්පාදනයක් කරන නොරොච්චලේ අක්‍රියවීම ගැන දැන්ම සැලසුමක් හැදුවේ නැතිනම් වැඩි මිලට විදුලිය ගැනීමට වඩා සිදුවීමට ඉඩ තිබෙන්නේ රට අඳුරේ තබන එකයි. අපේ පැතුම එසේ සිදු නොවේවා කියන එකයි. ආණ්ඩුව මාලිමාවේ වුණත් රට අපේනෙ. ඒකයි මේ භයානක තත්වය ගැන කලින්ම කියන්නේ ආණ්ඩුව විසඳුමක් සොයා ගනීවි කියන බලාපොරොත්තුවෙන්.
ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න වාර්ෂිකව ඕනෑ ගල් අඟුරු ටොන් 60,000 නැව් 46ක්. නමුත් අළුත්වැඩියා, නඩත්තු සහ දවල් කාලයට අඩුවෙන් නිෂ්පාදනය කිරීම වැනි විවිධ හේතු මත බලාගාරය ක්‍රියාත්මක වෙන්නේ ධාරිතාවයෙන් 80%ක්. ඒ මට්ටමට දුවන්න වසරකට ඕනෑ නැව් 38ක ගල් අඟුරු. මේ බලාගාරයේ පිහිටීම නිසා වසර පුරාම ගල් අඟුරු ගේන්න බෑ. සාමාන්‍යයෙන් නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වන අප්‍රේල් 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුල සුළං සැර නිසා ගල්අඟුරු බාන්න බෑ. ඒ නිසා සෑම ආණ්ඩුවක්ම කල් ඇතිව සැලසුම් කරලා ගල් අඟුරු නැව් 38ම සැප්තැම්බර් 15 සහ අප්‍රේල් 15 අතර කාලය තුල දී ගේනවා.
2025 සැප්තැම්බර් පළමු ගල් අඟුරු නැව ගේන්න නම් මිල දී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනි 2025 අප්‍රේල් මාසයේ. වර්තමාන ආණ්ඩුව මාස 4ක් කල් මරලා මිල දී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කලේ අගෝස්තු මාසයේ. ඒ නිසා නැව් 38ක් වෙනුවට නැව් 25ක ගල් අඟුරු මිල දී ගන්නයි මිල ගණන් කැඳෙව්වේ. ටෙන්ඩර් පටිපාටිය අනුව සති හයක් ටෙන්ඩරය විවෘත තියන්න ඕනි වුණත් දැන් හොඳටම ප්‍රමාද නිසා සති තුනක් විතරක් ටෙන්ඩරය විවෘතව තියන්න ආණ්ඩුව කටයුතු කළා.
තවත් කල් මරලා මේ ටෙන්ඩරය ප්රදානය කලේ නොවැම්බර් 4. සැපයුම්කරු බැඳුම්කරයට අත්සන් කලේ එතැන් සිට තවත් දවස් 17කට පස්සේ. සැපයුම් ගිවිසුම අනුව පළමු නැව එන්න ඕනි දෙසැම්බර් 15. ඒ කියන්නේ වෙනදා එනවාට වඩා මාස තුනකට පස්සේ. නමුත් එතරම් ප්‍රමාද වෙලාත් සැපයුම්කරු වෙලාවට ගල්අඟුරු ගෙනාවේ නෑ. පළමු නැව ආවේ දෙසැම්බර් 30. සැපයුම් සැලැස්ම අනුව දෙසැම්බර් මාසයේ නැව් තුනක් එන්න ඕනෑ වුණත් ආවේ 1යි. ජනවාරි මාසයේ නැව් 6ක් එන්න ඕනෑ වුණත් ආවේ 4යි. ඒ කියන්නේ ජනවාරි මාසයේ අවසන් වන විට නැව් 9ක් එන්න ඕනෑ වුණත් ඇත්තටම ආවේ 5යි.
පෙබරවාරි මාසය තුල නැව් 6ක් ගොඩ බාන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් ඊයේ දවසට, ඒ කියන්නේ පෙබරවාරි 13 වන විට නැව් 2යි බාන්න පුළුවන් වුණේ. ඉතිරි දවස් 15ට තව නැව් තුනක් බෑවත් පෙබරවාරි මාසයේ ගල් අඟුරු නැව් 5යි බාන්න පුළුවන්.
පෙබරවාරි මාසයට වඩා මාර්තු මාසයේ මුහුද රළුයි. මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේ මුහුද රළුයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ නැව් දෙකයි බාන්න පුළුවන්. නමුත් අපි ඉතාම ශුභවාදි වෙලා මාර්තු මාසයේ නැව් 5ක් සහ අප්‍රේල් මාසයේ නැව් 4ක් බානවා කියලා සැලසුම් කලොත් අප්‍රේල් අග වන විට ගොඩ බාන්න පුළුවන් උපරිම නැව් ගණන 19යි. මේ ප්‍රමාදය නිසා කවදා වෙන විට ගල් අඟුරු ඉවර වේවි ද කියා අපි දැන් ගණන් හදමු.
අපි 2026 වසර පටන් ගන්න විට ගල්අඟුරු ටොන් 450,000ක තොගයක් තිබුණා. දැන් ජනවාරි සිට අප්‍රේල් දක්වා ගේන්න පුළුවන් උපරිම නැව් ගණන 19යිනෙ. ඒ කියන්නේ ගල්අඟුරු ටොන් 11,40,000යි. නැතිනම් මිලියන 1,140,000යි. එතකොට අපට මේ වසරේ භාවිතා කරන්න තිබෙන්නේ ටොන් 1,590,000යි. නැතිනම් මිලියන 15,90,000යි.
දැන් උපරිම ධාරිතාවයෙන් බලාගාරය කටයුතු කරන කොට දවසකට ගල්අඟුරු ටොන් 7,500ක් අවශ්‍යයි. මේ බාල ගල්අඟුරු නොවේ. ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු. දවසකට ටොන් 7,500 ගණනේ භාවිතා කරන කොට මේ ගල් අඟුරු තොගය අවසන් වෙන්නේ වසරේ කීවෙනි දවසේද? හතරේ පන්තියේ දරුවෙකුට හදන්න පුළුවන් ගණනක්. වසරේ 212 වන දිනයේ මේ ගල්අඟුරු තොගය අවසන් වෙනවා. ඒ කියන්නේ ජූලි 31දා විදුලි නිෂ්පාදනයට ගල්අඟුරු නැති වෙනවා.
නිරිතදිග මෝසම් සුළං අවසන් වෙන්නේ ඔක්තෝම්බර් මැද වුණාට සැප්තැම්බර් මැද ඉඳන් නැවත ගල්අඟුරු ගේන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් සපයන නොරොච්චලේ විදුලි බලාගාරය මාස එකහාමාරකට අධික කාලයක් අක්‍රීය වීමට නියමිතයි. ඒ කියන්නේ රට අඳුරට යෑමේ අවධානමක් මතු වෙනවා කියන එකයි.
සාමාන්‍යයෙන් නොරොච්චලේ එක් බලාගාරයක් පැයකට ගල් අඟුරු ටොන් 105ක් පුච්චනවා කියන පදනමින් තමයි දවස පුරා වැඩ කරන්න ටොන් 7,500ක් ඕනි. මේ ගල්අඟුරු බාල නිසා තත්වය ඊට වෙනස්.
ඒ අනුව පළමු නැවෙන් මෙගවොට් 715යි. දෙවන නැවෙන් මෙගවොට් 740යි. තුන්වන නැවෙන් මෙගවොට් 662යි. හතරවන නැවෙන් මෙගවොට් 740යි. පස්වන නැවෙන් මෙගවොට් 747යි. හයවන නැවෙන් මෙගවොට් 690යි.
මේ ඉලක්කම් වලින් පේන්නේ කිසිම නැවක ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු ඇවිත් නැති බවයි. ගල්අඟුරු සැපයුම් ගිවිසුමේ 3.11 වගන්තිය අනුව ගල්අඟුරු නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර නම් ගිවිසුම අවලංගු කළ හැකියි. ප්‍රමිති නිර්නායක අනුව අළු ප්‍රමාණය 16%ට අඩු විය යුතුයි. නමුත් පරීක්ෂණ වාර්තා අනුව යොමු අංක 455 සිට 457 දක්වා තිබෙන නැව්වල අළු ප්‍රමාණය තිබෙන්නේ 20% සහ 25.5% අතර. ඒ වගේම කැලොරෆික් වැලියුව් නැතින් ශක්ති ජනක අගය තිබෙන්න ඕනි 5,900ට වඩා. නමුත් ඒ නැව් තුනේම තිබෙන්නේ 4,805 සහ 5,420 අතර. නම් මේ ටෙන්ඩරය දැන් අවලංගු නොකරන්නේ ඇයි?
මී ලඟ සැපයුම්කරු ටොන් එකකට ඉල්ලන්නේ ඩොලර් 1.50ක් වැඩියෙන්. නමුත් ඒ සමාගම මීට පෙර අපට ප්‍රමිතියට ගල්අඟුරු සපයපු සමාගමක්. අඩුම ගණනේ අප්‍රේල් මාසයේ ගෙන එන නැව් හතර හරි ඒ සමාගමට දෙන්න ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙනවා.
ඇත්තෙන්ම මේ ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව උදා වුණේ දෙසැම්බර් 31දා. මොකද ගිවිසුමේ 3.8 වගන්තිය අනුව දෙවරක් සතියකට වඩා නැව් පැමිණීම ප්‍රමාද වුණොත් ලංකාණ්ඩුවට ගිවිසුම අවලංගු කරන්න පුළුවන්. පළමු නැව එන්න නියමිත වුණේ දෙසැම්බර් 15දා. ඒත් ඒක එන්නේ දෙසැම්බර් 30දා. දෙවන නැව එන්න නියමිතව තිබුණේ දෙසැම්බර් 23 දා. නමුත් ඒක එන්නේ ජනවාරි 4දා. ඒ කියන්නේ දෙසැම්බර් 31 වන විට නැව් දෙකක් සතියකට වඩා ප්‍රමාද වී ඉවරයි. එදාම ගිවිසුම අවලංගු කලා නම් ප්‍රමාදය සහ ප්‍රමිතිය බාල වීම කියන චෝදනා දෙකෙන්ම ආණ්ඩුවට මිදෙන්න තිබුණා. එහෙම නොකලේ ඇයි? ගිවිසුම අනුව කටයුතු නොකලේ කාගේ සාක්කුවට කොමිස් කුට්ටියක් වැටුණු නිසා ද?
ගල්අඟුරු ප්‍රමිතියෙන් අඩුවීම නිසා ඩීසල් වලින් වැඩි පිරිවැයකට විදුලිය නිෂ්පාදනය කරන්න වෙනවා. ආණ්ඩුව කියන්නේ ඒ පාඩුව ගල්අඟුරු සැපයුම්කරුගෙන් අය කරනවා මිස පාරිභෝගිකයා පිට පටවන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් අධීක්ෂණ කාරක සභාවට ඊයේ විදුලි බල මණ්ඩලයෙන් බාර දුන්නු සංඛ්‍යාලේඛන මා ගාව තිබෙනවා. ඒ අනුව පළමු නැව් හතරේ අලාභය රුපියල් මිලියන 2,756ක්. නමුත් සැපයුම්කරුගෙන් අය කර ගන්න පුළුවන් රුපියල් මිලියන 1,037යි. දැන් අර ඉතිරි රුපියල් මිලියන 1,719 ඇමති මණ්ඩලය ක්‍රිප්ටෝ කරන්සි විකුණලා විදුලි බල මණ්ඩලයට දෙනවා ද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.
ඩීසල් වලින් විදුලි නිෂ්පාදනයේ පාඩුව ගල්අඟුරු සැපයුම්කරුගෙන් අය කලා කියමුකෝ. මේ ගල්අඟුරුවල අළු වැඩිවීම නිසා බොයිලර් වල ටියුබ් ඇතුලේ අළු හිර වෙනවා. ඒවා දැඩිව පිරිසිදු කිරීමේ දී මේ උපකරණ ඉක්මනින් විනාශ වෙනවා. දැඩි රස්නය නිසා සුපර් හීටර් පැනල් විනාශ වෙනවා. මේවා අළුත්වැඩියා වියදම් එක පැත්තකින්. ඒවා සැපයුම් කරුවාගෙන් අය කරගන්න වගන්ති ගිවිසුමේ නෑ. ඊට වඩා ප්රශ්නය වෙන්නේ අළුත්වැඩියා සඳහා බලාගාරය වසා දැම්මාම ගල්අඟුරු වෙනුවට ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවීමයි. ඒ පාඩුවත් සැපයුම්කරු දරනවාද? නැතිනම් බාල අඟුරු ගෙන්නවූ බාල දේශපාලකයින්ගෙන් ඒවා අය කර ගන්නවා ද? එහෙමත් නැතිනම් පාරිභෝගික අපි මත පටවනවා ද? මේවාට ආණ්ඩුව වහාම ජනතාවට පිලිතුරු ලබා දිය යුතුයි.

විදුලි බල ඇමති විදියට පත් කරේ පෝර වංචා කරලා වැරදිකරු වෙච්ච හොර තක්කඩියෙක් ඉතින් ඌ ගල් අඟුරු වලින් වංචා නොකර ඉඳී ද? බුද්ධ සාසන ඇමති විදියට පත් කරේ අනුන්ගේ පොත් හොරෙන් ගහලා අහු වෙලා වැරදිකරු වෙච්ච කතෝලික පරයෙක්. කතානායකලා එකෙක් පිනා චාර්ය කෙනෙක්. අනිකා වල් වනචරයෙක්. අගමැති ආප්ප වේසියක් වගේම බුද්ධ සාසනයට ව්‍යවස්ථාවෙන් දීල තියෙන තැන අයින් කරන්න යහපාලන කාලේ යෝජනා කරපු පරට්ටියක්. වරාය ඇමති ආපු ගමන්ම කන්ටේනර් 323ක් පැන්නුවා. සංස්ථා වලට මාලිමාවෙන් පත් කරපු ලොක්කෝ තරඟෙට ඉල්ලා අස්වෙන්නේ. මේ ආන්ඩුව ෆේල්. ඒක ලොකුම එකාගෙ ඉඳල ඔක්කොම දන්නව. උන් දැන් ගේම ගහන්නේ ඊලඟ පාර ඡන්දෙදි අන්තවාදී ඉස්ලාම්, දෙමළ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට රිංග ගන්න.
ReplyDelete