ඇමති හදුන් තවත් ලොකු වැඩක් අරඹයි.. මෙවර ‘ධමනි තිරුවානා’

 


මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා (01) එක් විය.

මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධිය තුළ, මෙට්‍රික් ටොන් බිලියන 3.1ක අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බවට හඳුනාගෙන ඇත. 

මෙම වටිනා සම්පත ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. 

ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පහත වැදගත් තීරණවලට එළැඹිණි:

නිධිය ආරක්ෂා කිරීම: අනවසර කැණීම්කරුවන්ගෙන් මෙම ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීම.

සීමා නීර්ණය හා වාර්තාකරණය: වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිධිය පිහිටි ප්‍රදේශයේ සීමා සලකුණු කිරීම සහ රාජකාරි කටයුතු වලදී මතුවන බාධාවන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරිය වෙත කඩිනමින් යොමු කිරීම.

සංචිතය යළි ගණනය කිරීම: නිධියේ පවතින සංචිත ප්‍රමාණය වඩාත් නිවැරදි හා නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යළි ගණනය කිරීමට පියවර ගැනීම.

විනිවිදභාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලිය: පවතින නීතිමය හා පාරිසරික ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට (Calling for EOIs) කටයුතු කිරීම.

මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී චමින්ද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේශ් අබේසේකර මහතා, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති ජේ.එම්.එස්.එන්.ජයසිංහ මහතා, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 

3 Comments

  1. අභිලාෂ කැඳවනවා මඩිස්සලේ පුරෝගන්නවා.

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැතුව ඔහේ කොමෙන්ට් දානවා

      Delete
    2. නැ නැ කුච්චන් රැස් කරනවා.මොවුන්ව තේරුම් ගන්න බැරි ඵවුන් කමෙන්ට් තේරුම් ගනියිද?සිතා බලලා යමක් කරන්න දන්නේ නැ.කරලා ඉවරවෙලා සිතනවා.ඵ්ත් තේරෙන්නේ නැ.රටේ මිනිස්සු 76 ක් ගාගත්ත මඩ හෝද ගන්න හදනකොට ගොබ්බ ආණ්ඩුව නාලා ඉවරවෙලා මඩ ගාගන්නවා.සිස්ටම් චෙන්ජ් කරනවා.

      Delete
Previous Post Next Post