සජිත් බෑ කිවුවොත් අපි නාමල්ට සෙට් වෙමු..- එජාපයෙන් යෝජනාවක්..

 


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින එක්සත් වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සන්ධානගත වීමේ විශේෂ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වී තිබේ. 

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජබය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මෙවැනි විකල්ප දේශපාලන මාවතකට අවතීර්ණ වීම නොවැලැක්විය හැකි බවයි.

නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පසුගිය දිනවල පවත්වන ලද සාකච්ඡා පිළිබඳව ද තොරතුරු වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නයන් තවමත් සාර්ථක මට්ටමක නොමැති බව එම පක්ෂවල ක්‍රියාකාරීන්ගේ අදහසයි. 

පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ අවස්ථාවලදී ද මෙවැනි යෝජනා ඉදිරිපත් වුවද, සජබ නායකත්වය දැක්වූ උදාසීන පිළිවෙත නිසා ඒවා අසාර්ථක විය. 

පවතින තත්ත්වය මත එක්සත් නොවන්නේ නම් මැතිවරණ ජයග්‍රහණ අසීරු වනු ඇති බවට සජබ ආසන සංවිධායකවරුන් දැනටමත් තම නායකත්වයට අනතුරු අඟවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජබය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණද, ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත. 

නිල වශයෙන් පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ තනි තනිව ගනුදෙනු කිරීමට සජබ නායකත්වය දරන උත්සාහය සන්ධානයක් ගොඩනැගීමට බාධාවක් බව පාක්ෂිකයෝ පෙන්වා දෙති.

3 Comments

  1. ලැජ්ජාවක් නැද්ද, මහ මැතිවරණයේදී ජ්‍යෙෂ්ඨයන් සියල්ලම ඉවත් කර නාමල්ට ජනාධිපති අපේක්‍ෂකම දී දුන්නා අමතකද රනිල්ට සිදුවුණු ලොකුම හානිය කළේ නාමල් තනියෙන් පොහොට්ටුවෙන් ඉල්ලීමයි. අයිත් එල්ලීගෙන ගියත් බලය ආපු ගමන් මොවුන්ගේ පවුලට ගෑවුණු අයට තමයි පාලන බලය අනෙක් ජ්‍යෙෂ්ඨයින්ට කටුකකා ඉන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියි. ධම්මික පෙරේරා බැහැ කියපු හන්ද නෙ නාමල් ආවේ.

      Delete
  2. Dhammika Perera iththek vitharai. Okkoma pre-arranged drama.

    ReplyDelete
Previous Post Next Post